
යාපනය නව වෙළඳ සංකීර්ණයේ වෙළඳ සැල් දෙකකින් රුපියල් ලක්ෂ විස්සක පමණ භාණ්ඩ හොරකම් කරණ කල්ලියක හතර දෙනෙකු පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (08) මොවුන් අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් පොලීසියට ප්රකාශ කොට ඇත්තේ අලුත් අවුරුදු සමයේදී සොරකම් කරන භාණ්ඩ වෙනත් ප්රදේශ වලට රැගෙන ගොස් අලෙවි කරන බවයි. සොරකම් කරණ ලද හාණ්ඩ වල වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් පමණ වන අතර එම භාණ්ඩ අතර වැඩි වශයෙන් ඇත්තේ රෙදිපිලි හා සුවද විලවුන්ය. ඔවුන් විසින් සොරකම් කරණ ලද තවත් භාණ්ඩ රැසක් වෙනත් පළාතක සගවා ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර එම භාණ්ඩ සෙවීම පිණිසද පොලිස් පරීක්ෂණ දියත් කොට තිබෙනවා. සැකකරුවන් හතර දෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.