
මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ සිදු කර පරික්ෂාවකදී විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර සිටි රියදුරන් සහ කොන්දොස්තරු හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන අද (28) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. මීගමුව බස් නැවතුම්පොළ තුළ ධාවනයේ යෙදෙන සියලුම බස් රථ ඊයේ (27) වැනිදා දිනය පුරා පරික්ෂාවට ලක් කෙරුණු අතර එහිදි කොන්දොස්තරවරු හයක් සහ එක් රියදුරකු අත්අඩංගුවට ගෙන තිබුණා. අත්අඩංගුවට ගත් පුද්ගලයන් මීගමුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර කොන්දොස්තරවරුන් වරද පිලිගත් බැවින් මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා රුපියල් 25,000 ක දඩ නියම කල අතර විශ මත්ද්‍රව්‍ය පානය කර සිටි රියදුරාටද රුපියල් 25,000ක දඩ නියම කර රියදුරු බලපත්‍රය මාස හයකට අත්හිටවනු ලැබුවා. මීගමුව රථ වාහන අංශයේ උප පොලිස් පරික්ෂක රථ වාහන අංශයේ ස්ථානාධිපති කුලරත්න මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ නිලධාරීන් මෙම මෙහෙයුම සිදු කළ අතර අධිකරණයේ නඩු කටයුතු පොලිස් සැරයන් උදය කුමාර (38222) මහතා මෙහෙයවනු ලැබීය.