
අද (18) සවස 6 න් අවසන්වු පැය 24 තුලදි වැඩිම වර්ෂා පතනය මහනුවරින් වාර්තා වනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මහනුවර උඩුදුම්බර ප්‍රදේශයෙන් මිලිමිටර් 308 ක් වර්ෂා පතනයක් ලැබි ඇති බවයි. මිට අමතරව මහනුවර පොප්පිටියට මිලිමිටර් 234 ක් , නුගතැන්න ප්‍රදේශයෙන් මිලිමිටර් 218 ක්, නුවරඑළියෙන් මිලිමිටර් 92 ක් සහ මාතලෙන් මිලිමිටර් 89 ක් වශයෙන් වර්ෂාව ලැබි ඇති බව සඳහන්. මේ අතර ඊයේ (17) රාත්‍රි සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගං ද්‍රෝණියේ පහල ප්‍රදේශවලට ගං වතුර තර්ජනය පිලිබ්ඳව අනතුරු අඟවනවා. මේ අනුව මුතුර්,කින්නියා,කන්තලේ,සේරුවිල,වැලිකන්ද, ලංකාපුර තමන්කඩුව සහ දිඹුලාගල පහල ප්‍රදේශවල ජනතවට විමසිලිමත් වන ලෙස දැනුම් දෙනවා.