
ඉන්දීය නාවික හමුදාවට අයත් සින්දුකේසරි (INS SINDHUKESARI)
සබ්මැරීනය මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට
පැමිණ තිබෙනවා.
ඊයේ (03) ඉන්දීය නාවික හමුදාවට අයත් මෙම සින්දුකේසරි
(INS SINDHUKESARI) සබ්මැරීනය කොළඹ වරායට සේන්දු වු අවස්ථාවේ
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එය නාවික සම්ප්‍රදායානුකූලව උණුසුම් ලෙස
පිළිගනු ලැබුවා.
මෙලෙස කොළඹ වරායට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත්
INS SINDHUKESARI සබ්මැරීනය මෙ රට ගත කරන කාලසීමාව තුල
එම සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය
කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගී වීමට නියමිතයි.
එමෙන්ම ඉන්දීය නාවිකයින් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ
කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.