
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්රශ්න කරන කෝරලගමගේ
මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ
ඔහුගේ සමීපතයෙකුට ලබා දුන් බව කියන පිස්තෝල වර්ගයේ
ගිනි අවියක්, ටී 56 වර්ගයේ මැගසින් දෙකක් සහ ටී 56
වර්ගයේ උණ්ඩ හැත්තෑවක් සොයාගෙන ඇති බව අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19)කොළඹ ප්රධාන මහේස්ත්රාත්
අධිකරණයට දැන්වුවා.
ඒ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම හමුවේ.
සිද්ධියට අදාල වැඩිදුර බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින්
විමර්ශන නිලධාරීන් මේ බව දන්වා සිටියා.
කෙහෙල් බද්දර පද්මේගෙන් ලබාගන්නා ලද ප්රකාශ වලට අනුව
විමර්ශන කටයුතු සිදු කරන බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ.
මෙම සිද්ධියට අදාලව මේවන විට සැකකරුවන් සිව් දෙනෙකු රදවා
තබාගෙන ප්රශ්න කරන අතර එක් සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර
ගත කර තිබෙනවා.
සිද්ධියට අදාල නඩුව ලබන 29 නැවත කැඳවීමට නියමිතයි.