
මෙරටදි විවිධ අපරාධ සිදුකර විදෙස් රටවලට පලාගොස් සැඟවී සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින් අතුළු අපරාධකරුවන් 50 කට ආසන්න සංඛ්‍යාවක් මේවන විට දිවයිනට රැගෙන ඒමට හැකිවි තිබෙන බව පොලිසිය පවසනවා. 2024/2025 සහ 2026 වසරේ ගතවු කාලය තුල රතු නිවේදන නිකුත්කළ වරෙන්තුකරුවන් 32 දෙදෙනෙක් සහ රතු නිවේදන නොමැතිව වෙනත් අපරධවලට සම්බන්ධ තවත් 15 ක් ජාත්‍යන්තර සහයෝගයෙන් ශ්‍රී ලංකවට ගෙන්වා ගැනීමට හැකි වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළා. දැනට විදේශවල අත්අඩංගුවේ පසුවන අපරාධයන් සම්බන්ධයෙන් මෙරට සිදු කරන පරික්ෂණ් වලට අවශ්‍යකරන සැකකරුවන් 8 ක් කඩිනමින් රැගෙන ඒමේ සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (18) පැවති මාධ්‍ය හමුවකදි කියා සිටියා. මේ අතර රතු නිවේදන නිකුත් කර ඇති තවත් 94 දෙනෙක් හැකි ඉක්මනින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටිනවා.