
වර්ෂාවෙන් බාධා එල්ල වූ ශ්‍රී ලංකා - පාකිස්තාන අවසන් විස්සයි20 ක්‍රිකට් තරගය අද (11) රාත්‍රී 9.20ට ආරම්භ කිරීමට තරග තීරකවරයා සැලසුම්කර තිබේ.
ඒ අනුව කාසියේ වාසිය උරාගා බැලීම රාත්‍රී 9ට සිදුකළ අතර, එහිදී කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
මෙම තරගය පන්දුවාර 12කට සීමාකර පැවැත්වේ.
තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, තරගාවලි පරාජයෙන් බේරීමට මෙම තරගයේ ජය ශ්‍රී ලංකාවට අනිවාර්ය වේ.