හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතා මුදලින් ගියේ නිල සංචාරයක් සඳහා රාජකීය කටයුත්තකට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පවසනවා.
ඒ අනුව, එම නිල සංචාරය නිමා කර යළි පැමිණෙන අතරතුර හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට ගොස් ඇති බවයි අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටට විශාල සේවයක් කළ පුද්ගලයකු බවත්, මෙය පැහැදිලි දේශපාලන පළිගැනීමක් බවත්, මෙයට එරෙහිව සියලු බලවේග එක් වී හඬ නැඟීමට කටයුතු කළ යුතු බවත් නවීන් දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.