
නව ආසියානු වාර්තාවක් පිහිටුවමින් තම ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීම සිය ප්රධාන අභිලාෂය බව හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පවසනවා.
ජපානයේ නගෝයා නුවර පැවැත්වෙන ආසියානු ක්රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා ශ්රී ලංකා මලල ක්රීඩා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ඊයේ (19) රාත්රී කටුනායක ගුවන් තොටුපොළේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
මෙවර ආසියානු ක්රීඩා තරගාවලිය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ද හෙල්ල විසිකිරීමේ ක්රීඩක රුමේෂ් තරංගටයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, තමා සතු පුහුණුවීම් සඳහා යොදා ගන්නා හෙල්ල කිහිපයක් පවතින බවත්, ඒවා යොදා ගනිමින් සාර්ථක ලෙස පුහුණුවීම් කටයුතුවල නිරත වූ බවයි.
මෙම තරගාවලිය සඳහා රුමේෂ් තරංග ඇතුළු ක්රීඩක ක්රීඩිකාවන් 22 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතය අද (20) අලුයම 12.50 ට කැතේ පැසිෆික් ගුවන් සේවයේ CX-612 දරන ගුවන් යානයෙන් හොංකොං බලා පිටත්ව ගිය අතර, ඔවුන් එතැන් සිට ජපානයේ නගෝයා නුවර වෙත ළඟාවීමට නියමිතයි.