
රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියක් ඩෙංගු උණ වැළඳීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මාතර, දෙනියාය ප්‍රදේශයේ පදිංචිව සිටි, රුහුණු විශ්වවිද්‍යාලයේ 46 වන ශිෂ්‍ය කණ්ඩායමට අයත් සඳලි තාරකා නම් අයයි.
ඇය මියයෑමට පෙර සිය සමීපතම මිතුරියක් වෙත වට්ස්ඇප් පණිවුඩයක් යොමු කරමින් කළ සඳහනක් ද මේ වන විට සමාජ මාධ්‍යයේ කතාබහට ලක්ව තිබේ. ඇය එහි සඳහන් කර ඇත්තේ, “මං නොමැරුනොත් එන්නම් යාලුවනේ” මැයෙනි.
මෙම සිදුවීම මෙරට තුළ යළිත් වරක් හිස ඔසවමින් පවතින ඩෙංගු රෝග ව්‍යාප්තියේ බරපතළකම දැඩිව පෙන්වා දෙයි.