
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් Divolca Electric (Pvt) Ltd ආයතනය නිපදවන Nova වෙළඳ නාමය සහිත ස්විච සහ ස්විච් සොකට් සදහා SLS සහතිකය පිරිනමන ලදී.
මෙම Divolca Nova නිෂ්පාදන SLS 1000, SLS 734 සහ SLS 734 2 වන කොටස යන ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට අනුකූලව සහතික කර ඇත.
මෙම SLS සහතිකය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී සේනාරත්න මහත්මිය විසින් Divolca ආයතනයේ අධ්යක්ෂ – ජාත්‍යන්තර අලෙවි, සෙනාල් සමරවික්‍රම මහතා වෙත ප්‍රධානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ (භාණ්ඩ සහතිකකරණ) අජිත් කන්දගේ මහතා සහ Divolca ආයතනයේ මහත්ම මහත්මීන් ඇතුළු පිරිස සහභාගී විය.