
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් මගියෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (25) අළුයම් කාලයේ ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ කටුනායක ගුවන්තොටුපල උප ඒකකයේ නිලධාරීන්ට ලබුණු තොරතුරක් මත වැටලීමක් සිදු කර ගුවන් මගියෙකු පරික්ෂාවට ලක් කළා. එහිදි ඔහුගේ ගමන් බෑගයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08 ග්‍රෑම් 220 ක් හමුවු බව පොලිසිය පවසනවා. සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර මොහු වයස අවුරුදු 37 ක් වන දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන් තොටුපොල ඒකකය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.