
මහඔය පොලිස් වසමේ බෙරගල රක්ෂිතය තුලදි කාන්තාවක් ඝාතනය කොට තිබෙනවා. ඊයේ (24) මහඹය පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් විමර්ශන ආරම්බ කළා. මෙම කාන්තාව පෙරේදා (23) දින සවස භවයින් බැඳීම සඳහා රක්ෂිතයට ගොස් ඇති බවත් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් හා ප්රදේශ වාසීන් එක්ව සිදු කළ ප්රදේශය සෝදිසි කර ඇත. එහිදි රක්ෂිතයේ දොල පාරක් අසල තිබී ගෙල ප්රදේශයේ කැපුම් තුවාල සහිත මෘත ශරීරය හමු වී තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්වි ඇත්තේ අවුරුදු 46 ක් වයසැති වරාපිටිය ප්රදේශයේ පදිංචිකාරිනියකි. ඊයේ (24) මහඹය පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් විමර්ශන ආරම්බ කළා. ඝාතනයට හේතුව හා ඝාතනය කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. මෘත ශරීරය මහේස්ත්රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මහඔය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.