
රාගම ප්‍රදේශයේ වෙළෙඳසැලකදී කාන්තාවකගේ හිසකෙස් කපා හිරිහැර කළ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරිය ඇතුළු 5 දෙනා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු පස්දෙනෙකු රාගම පොලිසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ රාගම පොලිසිය, වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇති බවයි.
පොලිස් විමර්ශනවලට අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ප්‍රධාන සැකකාරිය සහ තවත් තරුණයන් සිව්දෙනෙක්.
මෙම පිරිස වයස අවුරුදු 20, 21, 22 සහ 23 යන වයස්වල පසුවන රාජාංගනය, කඩවත, රාගම සහ ත්රිකුණාමළය - චීනවරාය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ බවයි පොලිසිය සඳහන් කළේ.