
අද වන විට වත්මන් රජය රටේ ජනතාවගේ ආර්ථික, සමාජිය, දේශපාලන අයිතිය විනාශ කරමින් සිටින බවත් වැට් බද්දෙන් ආවරණය වන ප්‍රමාණ ප්‍රතිශතය ඉහළ දමා රටේ ජනතාවගේ පීඩනය අසහනය දරිද්‍රතාව දුක කදුල වේදනාව ඉහළටම ගෙනවිත් ඇති බවත් ඊට අමතරව වැඩිහිටි ප්‍රජාවගේ ඉතිරි කිරීම්වලට ලබා දුන් 15% ඉතිරි කිරීමේ පොලිය පවා අඩු කර තිබියදී රටේ නීතියේ ආධිපත්‍ය හා යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් රටේ අධිකරණයේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක බවට රටේ ජනාධිපතිවරයා පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින පැවසීය.
ජනාධිපතිවරයා අධිකරණයේ මාධ්‍ය ප්‍රකාශක වෙලාද?
ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කිරීමට ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන්න ආයතන 3 අතර සංවරණ හා තුලණ ක්‍රියාවලිය නිවැරදිව සිදු කිරීම තුළින් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කළ හැකි නමුත් රටේ ජනාධිපතිවරයා මේ වන විට අධිකරණ ක්‍රියාවලිය ගැන අනාවැකි පළ කර අධිකරණයෙ ක්‍රියාවලිය ගැන ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශකයෙක් විස්තර විචාරකවරයෙක් පුවත් මවන්නෙක් ලෙස කටයුතු කිරීම අධිකරණයට කරන අපහාසයක් සේම ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලිය උල්ලංඝනය කිරිමත් අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් එල්ල කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.