
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ ජීවිතය හා සම්බන්ධ අතිශය පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරිය ඇතුලු පාර්ශව කීපයකට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි 9 වන දින යළි කැඳවිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද(19) නියෝග කළා. එදිනට සිද්ධියට අදාල නඩුවේ නියෝගය ලබා දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැන්වූවා. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය ඔස්සේ මුදා හැරීම සම්බ්නධයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව පූර්වාගාමී මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුගේ හිටපු ලේකම්වරියක් ඇතුලු වගඋත්තරකරුවන් 8 දෙනකුට කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කර තිබුණා. පී අයි ඒ.ගයත්‍රි බිම්බා, ,ඕෂල හේරත්, යසලාල් පෙරේරා,කවිශ්වර ගුණරත්න, ජාමුණි කමන්ත තුෂාර යන අය සිද්ධියට අදාලව වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. පෙර දින නඩුව කැඳවූ අවස්ථාවේදී එම නඩුවේ තුන්වන වගඋත්තරකරු වන කමන්ත තුෂාර සහ හයවන වගඋත්තරකරු වන ඕෂල හේරත් එම නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කර තිබුණා. තමා යටතේ සිටි ලේකම්වරියක් ඇතුලු වගඋත්තරකරුවන් කීප දෙනෙකු තමාගේ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය කර ඇති බව හෝ සංසරණය කිරීමට උත්සාහ ගන්නා බවට පෙත්සම්කරු වෙනුවෙන් පෙනි සිටින නිතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ප්රමුඛ නිතිඥ මඩුල්ල පෙර නඩු දිනයේදී කරුණු දක්වා තිබුණා. 2024 අංක 9 දරණ මාර්ගගත ආරක්ෂණ පනතේ 24 වන වගන්තිය යටතේ මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.