
කිළිනොච්චි නගරයේ ධාවන තත්ත්වයට නුසුදුසු වාහනවල රියදුරන්ට දැඩි ලෙස අවවාද කොට ඔවුන්ගේ වාහන නියමිත පරිදි සකසා පරීක්ෂණයකට ඉදිරිපත් කිරීම සදහා මැයි මස 20 වෙනිදා දක්වා කාලය ලබා දී තිබෙනවා. ඊයේ (03) කිළිනොච්චියේ මෝටර් රථ දෙපාර්තමේන්තුව හා පොලීසිය එක්ව ඒ- 9 මාර්ගයේ ධාවනය වූ වාහන නවතා සිදු කළ මෙහෙයුමකදී ධාවනයට නුසුදුසුම වාහන 23 ක් හමු වී තිබෙන බව සඳහන්. ධාවනයට නුසුදුසු තත්ත්වයේ වාහන 78 ක් හදුණා ගෙන ඇති අතර ඉන් වාහන 23 කට මැයි මස 20 දාට පෙර නියමිත පරිදි සකස් කොට පරීක්ෂණයකට ඉදිරිපත් කරණ ලෙස දැණුම් දී ඇත. අනෙක් වාහන 55 සකසා ගන්නා ලෙස තරයේ උපදෙස් දී ඇති අතර එම වාහන යළි පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට නිර්දේශ කොට නොමැත. එම වාහන වල වැඩි වශයෙන්ම තිබී ඇත්තේ අමතරව සවිකරණ ලද උපාංග බව කිළිනොච්චිය පොලීසිය සදහන් කරනවා. ධාවනයට නුසුදුසු දෝෂ සහිත වාහන අතරින් වැඩි සංඛ්‍යාවක් කිළිනොච්චියේ පරන්තන් හා මුරුකණ්ඩි අතර දිනපතා ධාවනය වන කුඩා බස් රථ වීම විශේෂත්වයකි.