
දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට ප්‍රවාහනය කළ අයිස්
තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන
තිබෙනවා.
ඊයේ (15) දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක අනුපාලක ස්ථානයේදී
අධිවේගී මාර්ග කොට්ඨාසයේ නිලධාරීන් විසින් කොළඹ දෙසට ගමන්
කිරීමට පැමිණි කාර් රථයක් පරීක්ෂාවට ලක් කළා.
එහිදි කාර් රථය තුල තිබි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 554ක්
සොයගෙන තිබෙනවා.
මෙහිදි මෝටර් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
ගනු ලැබුවා.
මෙහිදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් කාර් රථය ද පොලිස්
භාරයට ගත් අතර, සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා තිහගොඩ
පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 සහ 32 වයස්වල පසුවන
අතර, ඔවුන් බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය
සඳහන් කරනවා.