News Center Logo
News Center Logo
අවසන්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට

about 2 months ago

about 2 months ago

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ තව දින දෙකක් ICU හි රැඳවිය යුතුයි - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් දින දෙකක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබා දිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (27) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

වෛද්‍ය බෙල්ලන වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා තවදුරටත් රැඳවියෙකු නොවන බැවින් ඔහුට පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් හෝ වෙනත් රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට සම්පූර්ණ නිදහස ඇති බවයි. ඔහුට තිබූ දැඩි විජලන තත්ත්වය මේ වන විට ප්‍රතිකාර සමඟ ක්‍රමයෙන් පහව යමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

ජාතික රෝහල ඕනෑම රෝගියෙකුට සමාන සේවාවක් සපයන බව අවධාරණය කළ වෛද්‍ය බෙල්ලන මහතා, රෝහලට පැමිණෙන ඕනෑම අයෙකුට එක හා සමානව සලකන බව ද පැවසීය.

මෙහිදී හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීමට කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු, එම කමිටුව පත් කළේ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා බවත්, ඊට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සඳහන් කළේය.

“ඔහුගේ හෘද වස්තුවේ කිරීටක ධමනියේ හතරෙන් තුනක් අවහිරයි කියලා ඊයේ වාර්තාවලින් ප්‍රසිද්ධ වුණා. ඔහුට ඉක්මනින් වැඩිදුර ප්‍රතිකාර ගැනීම හොඳයි. බරපතළ තත්ත්වයක ඉන්න කෙනෙක් කොහොමද සුව අතට හැරෙන්නේ? ඉක්මනින් ප්‍රතිකාර නොකළොත් අවදානමක් තියෙනවා” යැයිද වෛද්‍ය බෙල්ලන වැඩිදුරටත් සඳහන් කළේය.

Loading video player...
about 2 months ago

රනිල් වික්‍රමසිංහට ඇප ලැබෙයි; ලක්ෂ 50ක් බැගින් වූ ශරීර අපත් තුනක් මත රනිල් නිදහස් කිරීමට නියෝහ

Loading video player...

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසත් නියම කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කළාය.

ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

about 2 months ago

රනිල්ගේ නඩුව විභාගය ඇරඹේ, ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ වෙයි

රනිල්ගේ නඩුව විභාගය ඇරඹේ, ඇප ලබාදීමට  නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ වෙයි

දැන් අධිකරණය අවට තත්වය සාමකාමියි, තවමත් ජනතාව අධිකරණය අවට රැඳී සිටිනවා. දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා. ජනතාව උනන්දුවෙන් වෙන්නේ මොකක්ද කියලා අවධානයෙන් සිටින බවයි වාර්තා වෙනවා.

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වනවිට කැඳවා තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ නඩුව කැඳවා ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

රනිල්ට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරිද්ධ වෙයි. රනිල් වික්‍රමසිංහට එංගලන්තයෙන් ලැබුණු ආරාධනය නිල ආරාධනයක් බව තවත් තහවුරු වී නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් පැවසුවා.

මෙහෙදී විත්තිය පාර්ශවයෙන් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා අධිකරණයේදී තර්ක කලේ රනිල් වික්‍රමසිංහ මහතා මේ සංචාරයට විදයම් කර ඇත්තේ ජනාධිපති වැය ශීර්ෂයෙන් බවයි. නමුත් ජනාධිපති ලේකම් කාර්යාලයේ විගණනය නිලධාරියාට එය විගණනය කල නොහැකි බවත් ජාතික විගණන කාර්යාලයෙන් කල විගණනයේදී එහි අවභාවිතයක් සිදු වූ බව හෙළි නැති බවයි.

සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

about 2 months ago

හිටපු ජනපති රනිල්ගේ නඩු විභාගය ඇරඹෙයි

Loading video player...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින්, රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත පසුගිය 22 වෙනිදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩු විමසීම මේ වන විට ආරම්භවී තිබෙනවා.

about 2 months ago

ඉස්සරහට නඩු වැටෙන්න ඉන්න අය තමයි රනිල්  අත්අඩංගුවට ගන්න එකට විරුද්ධ -NPP මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර 

ඉස්සරහට නඩු වැටෙන්න ඉන්න අය තමයි රනිල්  අත්අඩංගුවට ගන්න එකට විරුද්ධ -NPP මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර 

Loading video player...
about 2 months ago

ජාතික රෝහල් පරිශ්‍රයේත් ආරක්ෂාව වැඩි කෙරේ

කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය තුළත් අද (26) දින ආරක්ෂාව වැඩිකර තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව ඇති පසුබිමකයි.

Loading video player...

එමෙන්ම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ද පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය යොදවා විශේෂ ආරක්ෂාවක් පනවා තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින්, රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත පසුගිය 22 වෙනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

අනතුරුව එතුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදිනම ඒ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.

මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) දිනයේදී බොහෝදුරට උසාවියට රැගෙන නොයනු ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ.

මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඊයේ (25) දවස වන විටත් වෛද්‍ය නිර්දේශය වී තිබුණේ හිටපු ජනපතිවරයා උසාවියට රැගෙන යාම නොකළ යුතු වන බවයි.

තත්ත්වය එසේ වුවහොත් ඔන්ලයින් තාක්ෂණය (ZOOM) ඔස්සේ උසාවියත් හිටපු ජනපතිතුමත් සම්බන්ධ කරනු ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

about 2 months ago

රනිල්ගේ තත්වය ගැන කියන්නේ UNP නායකයන් මහනායක හිමියන් හමුවෙයි

රනිල්ගේ තත්වය ගැන කියන්නේ UNP නායකයන් මහනායක හිමියන් හමුවෙයි

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා, පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරල ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් අද (26) උදෑසන අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදුටුවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති තත්ත්වය සහ රටේ පවතින දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව ඔවුහු මහනායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කළා.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් නාහිමියන්ගේ ආශිර්වාදය ලබාගැනීමද මෙම හමුවේ තවත් අරමුණක් වුණා.

about 2 months ago

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව තර කරයි

අද දිනයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව අද දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙදී විභාගයට ගැනීමට නියමිතයි. මේ නිසා අධිකරණය භූමිය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

Loading video player...
about 2 months ago

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද, උසාවියට ඉදිරිපත් කිරීම අවිනිශ්චිතයි

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

Loading video player...

සිද්ධියට අදාළව පසුගිය 22 වෙනිදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදින ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.

ඒ අනුව මේ වන විට හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු වේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මඟින් ඔහු අධීක්ෂණය සිදුකරන අතර අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරනවාද? නැද්ද? යන්න එම කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කරන බව වාර්තා වේ.

about 2 months ago

විරෝධතවාට පැමිණ පිරිස අතරින් පොලිස් නිලධාරියෙක්ට ගල් ප්‍රහාරයක් -කොටුව මහේස්ත්‍රාත් අධිරකරණය අවට තත්වය සාමකාමියි

Loading video player...

කොටුව මහේස්ත්‍රාත් අධිරකරණය අවට තත්වය සාමකාමියි, විරෝධතවාට පැමිණ පිරිස අතරින් පොලිස් නිලධාරියෙක්ට ගල් ප්‍රහාරයක්

අධිකරණය ආසන්නයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකුට, විරෝධතවාට පැමිණ පිරිස අතරින් ගල් ප්‍රහරයක් එල්ල වී තිබෙනවා. එහිදී පොලිස් නිලධාරියට සුළු තුවාල සිදු වී තිබෙනවා. නමුත් මේ වනවිට දැන් අධිකරණය අවට තත්වය සාමකාමියි, තවමත් ජනතාව අධිකරණය අවට රැඳී සිටිනවා. දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා. ජනතාව උනන්දුවෙන් වෙන්නේ මොකක්ද කියලා අවධානයෙන් සිටින බවයි වාර්තා වෙනවා.

about 2 months ago

අගමැතිනිය රනිල් බලන්න ගිය කතාව බොරුවක්- හිරු මාධ්‍ය පලකල පුවත අසත්‍ය බව කියමින් අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

අගමැතිනිය රනිල් බලන්න ගිය කතාව බොරුවක්- හිරු මාධ්‍ය පලකල පුවත අසත්‍ය බව කියමින් අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් හිරු ප්‍රවෘත්ති වාර්තාවක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම ප්‍රවෘත්තියේ සඳහන් වූයේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රෝහලේදී හමුවූ බවයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් පැහැදිලි කරමින් ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරිය හිටපු ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ සමඟ රෝහලට ගිය බවට වූ වාර්තාව අසත්‍යයක් බවයි.

මෙම අසත්‍ය ප්‍රවෘත්තිය පළකිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලය සිය කණගාටුව ද පළ කර තිබෙන අතර, වැරදි ප්‍රවෘත්තිය නිවැරදි කරන ලෙස අදාළ මාධ්‍ය ආයතනයෙන් ඉල්ලා සිටියා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ සංචාරයක් සඳහා රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පසුබිමකයි මෙම ප්‍රවෘත්තිය පළ වී තිබුණේ.

about 2 months ago

රනිල් වික්‍රමසිංහගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කරයි

රනිල් වික්‍රමසිංහගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයින් පිරිසක් ඊයේ රාත්‍රියේ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත ගොස් එහි නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන ජී. එල්. පීරිස්, තලතා අතුකෝරාල සහ අලි සබ්‍රි ඇතුළු පිරිසක් සහභාගී වූ බව සඳහන්. වාර්තා වන පරිදි, ඔවුන් මේ පිළිබඳව අනෙකුත් තානාපති කාර්යාල ද ඉදිරියේදී දැනුවත් කිරීමට නියමිතයි.

මේ අතර, හිටපු ජනාධිපතිවරයාට නිදහස සහ ඔහුට හිමි ගෞරවය ලබා දෙන ලෙස කරන ඉල්ලීම්වලට සහාය පළ කරමින් නෝර්වේ හිටපු විශේෂ සාම නියෝජිත එරික් සොල්හයිම් සහ ඉන්දීය දේශපාලනඥ ශෂී තරූර් ද පණිවිඩ නිකුත් කර තිබෙනවා.

එරික් සොල්හයිම්ගේ ප්‍රකාශය:

නෝර්වේ හිටපු විශේෂ සාම නියෝජිත එරික් සොල්හයිම් මහතා සිය X (පෙර Twitter) පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ වික්‍රමසිංහ මහතා වහා නිදහස් කරන ලෙස විවිධ පාර්ශ්ව කරන ඉල්ලීම්වලට තමාගේ ද සහාය පළ කරන බවයි.

ඔහු පෙන්වා දුන්නේ 2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික සහ දේශපාලන අර්බුදයෙන් රට ගොඩගැනීමට ඉදිරිපත් වූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවයි. රනිල් මහතාට එල්ල වී ඇති චෝදනා පදනම් විරහිත බවත්, ඒවා සත්‍ය වූවත් යුරෝපයේදී ඒවා අපරාධයක් හෝ වරදක් ලෙස නොසලකන බවත් ඔහු පැවසුවා.

සොල්හයිම් මහතා ශ්‍රී ලංකා රජය දූෂණයට එරෙහිව සිදු කරන වැඩසටහනට පූර්ණ සහය පළ කළ නමුත්, සැබෑ ගැටලු කෙරෙහි අවධානය යොමු කරන ලෙස රජයට උපදෙස් දුන්නා.

ශෂී තරූර්ගේ ප්‍රකාශය:

මේ අතර, ඉන්දීය දේශපාලනඥයෙකු වන ශෂී තරූර් ද X පණිවුඩයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවේ රඳවා ගැනීම පිළිබඳව සිය කණස්සල්ල පළ කර තිබෙනවා.

දශක ගණනාවක් පුරා ඔහු ජාතිය වෙනුවෙන් කළ සේවය සලකා, හිටපු ජනාධිපතිවරයාට හිමි විය යුතු ගෞරවයෙන් සහ අභිමානයෙන් සලකන ලෙස ඔහු ඉල්ලා සිටියා.

about 2 months ago

රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන ලෙස රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන එරික් සොල්හයිම් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලයි

රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන ලෙස රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන එරික් සොල්හයිම් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලයි

හිටපු නෝර්වීජියානු සාම නියෝජිත සහ ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන එරික් සොල්හයිම් මහතා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින්, ඔහුව වහාම නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

X (පෙර Twitter) සමාජ ජාලයට සටහනක් එක් කරමින් සොල්හයිම් මහතා ප්‍රකාශ කළේ වික්‍රමසිංහ මහතා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකාවේ, දකුණු ආසියාවේ සහ ලෝකයේ නායකයන් සමඟ තමන් ද මෙම ඉල්ලීම සිදු කරන බවයි. 2022 වසරේදී ශ්‍රී ලංකාව ආර්ථික සහ දේශපාලන අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ වික්‍රමසිංහ මහතා දැක්වූ නායකත්වය ඔහු අගය කළ අතර, "ජාතිය පහළටම වැටී තිබූ මොහොතක ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැඟී සිටි" බව ද පෙන්වා දුන්නා.

සොල්හයිම් මහතා සිය සටහනින් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වී ඇති චෝදනා "කිසිදු පදනමක් නැති" බවත්, ඒවා සත්‍ය වුවත් යුරෝපයේ එවැනි ක්‍රියා "කිසිදු අපරාධයක් හෝ පිළිගත නොහැකි හැසිරීමක් ලෙස නොසලකන" බවත්ය.

ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ව්‍යාපාරයට පූර්ණ සහය පළ කළ සොල්හයිම් මහතා, බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ වික්‍රමසිංහ මහතා ඉලක්ක කරනවා වෙනුවට "සැබෑ ගැටළු කෙරෙහි" අවධානය යොමු කරන ලෙසයි.

2022 සිට 2024 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස කටයුතු කළ වික්‍රමසිංහ මහතා, 2023 දී ලන්ඩනයේ විශ්වවිද්‍යාල උත්සවයකට සහභාගී වීම සඳහා රජයේ අරමුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් මේ සතිය මුලදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගේ අත්අඩංගුවට ගැනීම දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි ප්‍රතිචාරයක් ඇති කර ඇති අතර, දේශපාලන නායකයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු ඔහුගේ රැඳවුම් කටයුතු සම්බන්ධයෙන් සිය සහයෝගය සහ කනස්සල්ල ප්‍රකාශ කර තිබෙනවා.

about 2 months ago

රනිල්ගේ ආරක්ෂාවට අවි ගත් නිලධාරින් අටක් යොදවයි

රනිල්ගේ ආරක්ෂාවට අවි ගත් නිලධාරින් අටක් යොදවයි

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට ජේලර්වරුන් දෙදෙනෙකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් අට දෙනකු අවි සහිතව යොදවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙයට අමතරව රෝහල අවට විශේෂ පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

හිටපු ජනාධිපතිවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු වෛද්‍ය නිර්දේශ මත ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය.

ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් වූ පසු නැවතත් වැලිකඩ බන්ධනාගාර රෝහලට රැගෙන යෑමට නියමිතව ඇතැයි බන්ධනාගාර ප්‍රධානියෙක් පැවසීය.

about 2 months ago

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍ය බෙල්ලන කියන කතාව

Loading video player...

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට විජලන තත්ත්වයක් ඇතිව ඇති බවත් ඔහුගේ ශරීරයේ ඇති රුධිරයේ වෙනස් වීම් සහ වෙනත් සළකුණුද මේ වන විට නිරීක්ෂණය වී ඇති බවය.

වෛද්‍යවරයා පැවසුවේ අධිකරණ ශාලාවේදී පැය කිහිපයක් රැඳී සිටීමේදි එහිදී ඇතිවූ විදුලි විසන්දිවීම්, ජලය පානය නොකිරීම් හේතුවෙන් ඇතිවූ සංකූලතා මත ඔහු විජලන තත්ත්වයට පත්ව ඇති බවය.

about 2 months ago

රනිල් අත්අඩංගුවට ගැනීමට එරෙහිව විපක්ෂයේ ප්‍රධාන දේශපාලන සියල්ල ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂ සියල්ලම එක්ව මාධ්‍ය හමුවක් පවත්වනවා.

මෙම මාධ්‍ය හමුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු තවත් විපක්ෂ නායකයින් රැසක් සහභාගී වෙනවා.

Loading video player...

{{youtube:https://youtu.be/Wy6eoIbLi8I}}

Loading video player...
about 2 months ago

හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට

බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

Loading video player...

විජලන තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

about 2 months ago

රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික රෝහලට මාරුකරයි

 රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික රෝහලට මාරුකරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

ඔහුගේ රෝගී තත්ත්වය පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශයකට අනුවයි හිටපු ජනාධිපතිවරයා මෙලෙස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ.

about 2 months ago

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලේදී හමුවෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලේදී හමුවෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම සඳහා මීට සුළු මොහොතකට පෙර බන්ධනාගාර රෝහලට පැමිණ තිබෙනවා.

වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමෙන් සහ වත්මන් තත්ත්වය පිළිබඳ මූලික සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය නියෝග කළා.

about 2 months ago

Sajith Premadasa Visits Ranil Wickremesinghe in Prison Hospital

Sajith Premadasa Visits Ranil Wickremesinghe in Prison Hospital

Opposition Leader Sajith Premadasa has visited former President Ranil Wickremesinghe, to inquire about his well-being.

Meanwhile, former President Ranil Wickremesinghe was admitted to the prison hospital after being remanded. This was done on medical advice. It is reported that the former president was admitted to the prison hospital yesterday (22).

It is reported that Ranil Wickremesinghe was admitted to the prison hospital due to high blood pressure and an elevated sugar level.

The Colombo Fort Magistrate's Court yesterday (22) ordered the remand of former President Ranil Wickremesinghe, who was arrested and produced in court by the Criminal Investigation Department, until the 26th. Colombo Fort Magistrate Nilupuli Lankapura issued this order after considering the facts presented by Additional Solicitor General Dileepa Peiris, who appeared for the Criminal Investigation Department, and President's Counsel Anuja Premaratne, along with other lawyers who appeared for the suspect, Ranil Wickremesinghe.

This is the first time in the country's history that an executive president has been arrested. Former President Ranil Wickremesinghe was arrested by the Criminal Investigation Department yesterday (22) afternoon. This happened when he appeared before the Criminal Investigation Department yesterday morning to give a statement related to an investigation being conducted by the department.

The Criminal Investigation Department began an investigation and reported the facts to the Fort Magistrate's Court on June 24 regarding former President Ranil Wickremesinghe's visit to London to attend his wife, Professor Maithree Wickremesinghe's, graduation ceremony as a private trip using government funds during his tenure. Following this, the Criminal Investigation Department recorded statements from Mrs. Sandra Perera, who served as the former President's private secretary, and Mr. Saman Ekanayake, the former Presidential Secretary, in relation to the investigation.

about 2 months ago

Former President Ranil Wickremesinghe remanded

Former President Ranil Wickremesinghe remanded

Former President Ranil Wickremesinghe, who was arrested by the Criminal Investigation Department (CID), has been remanded until August 26 by the Colombo Fort Magistrate’s Court.

He was escorted to the court premises by CID officers under heavy security, and produced before the Colombo Fort Magistrate’s Court.

Former President Wickremesinghe was arrested today (22) after arriving at the CID to record a statement in connection with an ongoing investigation.

Accordingly, it is further stated that the investigation pertains to Ranil Wickremesinghe’s visit to London to attend a graduation ceremony of his wife, Professor Maithree Wickremesinghe, during his tenure as President, allegedly using state funds.

The CID had earlier presented evidence related to the case before the Fort Magistrate’s Court on June 24.

Statements were subsequently recorded from Sandra Perera, who served as the former President’s private secretary, and from former Presidential Secretary Saman Ekanayake.

In this context, the CID summoned Wickremesinghe to provide a statement regarding the matter. He arrived at the CID headquarters at around 9 a.m. today, and was taken into custody following the recording of the statement.

Wickremesinghe was taken into custody for allegedly “misusing government funds” after being questioned about a September 2023 visit to London to attend a ceremony for his wife at a British university while he was head of state.

Ranil Wickremesinghe had stopped in London in 2023 on his way back from Havana, where he attended a G77 summit.

He and his wife, Maithree, attended a University of Wolverhampton ceremony.

Wickremesinghe had maintained that his wife met her own travel expenses and that no state funds were used.

However, the Criminal Investigation Department of the police alleged that Wickremesinghe used government money for his travel on a private visit and that the state also paid his bodyguards.

about 2 months ago

Ex-President Ranil brought to court after arrest

Ex-President Ranil brought to court after arrest

In a significant development, former President Ranil Wickremesinghe has been taken into custody by the Criminal Investigation Department (CID) and brought to the Colombo Fort Magistrate’s Court. He was escorted to the court under heavy security by CID officers.

Arrest and Investigation Wickremesinghe was arrested earlier today after he arrived at the CID headquarters to provide a statement regarding an ongoing investigation. The inquiry centers on allegations that he used state funds for a trip to London while he was president to attend his wife, Professor Maithree Wickremesinghe's, graduation ceremony.

Prior Developments The CID had previously presented evidence related to this case to the Fort Magistrate's Court on June 24. Since then, statements were recorded from two key officials who served under the former president: his private secretary, Sandra Perera, and former Presidential Secretary Saman Ekanayake.

Wickremesinghe's arrest followed the recording of his statement at the CID headquarters, where he had arrived around 9 a.m. today.

about 2 months ago

Former President Ranil Wickremesinghe arrested

Former President Ranil Wickremesinghe arrested

Former President Ranil Wickremesinghe has been arrested by the Criminal Investigation Department (CID).

He was arrested after arriving at the CID to record a statement today in connection with an ongoing investigation.

Accordingly, it is further stated that the investigation pertains to Ranil Wickremesinghe’s visit to London to attend a graduation ceremony of his wife, Professor Maithree Wickremesinghe, during his tenure as President, allegedly using state funds.