News Center Logo
News Center Logo
අවසන්

ඉරාන-ඊශ්‍රායල යුද්ධය

Mar 1, 2026

Mar 1, 2026

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිගෙන් නිවේදනයක්

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිගෙන් නිවේදනයක්

මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වයෙන් ඊශ්‍රායලයේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

මාර්තු මස දෙවෙනිදා දක්වා ඊශ්‍රායලය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේ,

“ඊයේ උදෑසන තමයි ඉරානයේ තෝරගත්ත ස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළේ. ඒ අනුව උදෑසන 8.30ට වික්ටෝරියන් ගුවන්තොටුපළ වසා දැමුවා. ආගමන හා විගමන කටයුතු සඳහා. සියලුම මගීන් ගුවන්තොටුපළෙන් ඉවත් වුණා. ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිත සිටි බොහෝ දෙනෙකුට නැවත ඊශ්‍රායලයේ තමන්ගේ වාසස්ථාන වෙත පැමිණීමට සිදුවුණා. ඒ වගේම කොළඹ සිට ඊශ්‍රායලය වෙත පැමිණීමට බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙක් සිටිනවා. ගුවන් ගමන් නැවත ආරම්භ කරන තෙක් ඔවුන්ට ශ්‍රී ලංකාවේ රැඳිසිටීමට සිදුවෙනවා.

ඊශ්‍රායලයේ දින තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මාර්තු මාසේ දෙවැනිදා හවස වෙනකම්. ඒ කාලය තුළ පාසල් ඇතුළු පොදු ස්ථාන විවෘත කිරීමක් සිදු කරන්නේ නැහැ. සාමාන්‍ය අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වෙනවා. ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට කිසිදු අනතුරක් සිදුව නැහැ. මේ තත්ත්වය තවත් දිනක් හෝ දෙකක් පවතින්න පුළුවන්. අද උදෑසන මේ කලාපයට අවසන් මිසයිල ප්‍රහාරය එල්ල වුණේ. ඉරානයේ පවතින තත්ත්වයත් එක්ක මිසයිල ප්‍රහාර අඩු වෙන්න ඉඩ තියෙනවා.”

Mar 1, 2026

අයතුල්ලා අලි කමේනි ඝාතනය වූ බවට ඉරානය පිළිගනියි

අයතුල්ලා අලි කමේනි ඝාතනය වූ බවට ඉරානය පිළිගනියි

අයතුල්ලා අලි කමේනි ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පළමු වරට අනාවරණය කර තිබේ.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑණා, මුනුපුරාද ජීවිතක්ෂයට පත්වූ බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරාන ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ ඊයේ දිනයේදී ඔහුට පවරා ඇති රාජකාරි ඉටු කරමින් සිටියදී කමේනි ඔහුගේ කාර්යාලයේදී ඝාතනයට ලක්වූ බවය.

මේ අතර කමේනිගේ ඝාතනය හේතුවෙන් එරට දින 40ක මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද තීරණය කර ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.

මින් පෙර ඊශ්‍රායල අගමැතිවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අලි කමේනි ඝාතනය වූ බවට අදහස් දැක්වූ නමුත් ඉරානය එය ප්‍රතික්ෂේප කර තිබුණි.