2026 අයවැය පාර්ලිමේන්තුවට
26 days ago
2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය ඇරඹෙයි
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරු 9:30ට පාර්ලිමේන්තු සභා වාරයේ කටයුතු ආරම්භ කෙරුණි.
ඒ අනුව 2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වෙයි.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6ට පැවැත්වීමට නියමිත බවය.
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6 ට සිදු කෙරේ.
අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.
2026 අයවැය ඊයේ (07) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
පැය 4 කට අධික කලයක් අයවැය යෝජනා ජනාධිපතිවරයා විසින් එහිදී ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.
2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට

2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වෙයි.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6ට පැවැත්වීමට නියමිත බවය.
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6 ට සිදු කෙරේ.
අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.
2026 අයවැය ඊයේ (07) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
පැය 4 කට අධික කලයක් අයවැය යෝජනා ජනාධිපතිවරයා විසින් එහිදී ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.
2026 අයවැය සම්බන්දයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අදහස් දක්වයි
සජිත් ප්‍රේමදාස - විපක්ෂ නායක
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, අමාත්‍ය ආනන්ද විජයපාල, අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්
ශ්‍රී ලංකාවේ 2026 අයවැය: රාජ්‍ය අංශයේ ප්‍රතිලාභ, නිවාස සහ බදු ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය

අද (07) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ 2026 අයවැය යෝජනා අතරින් අවසාන වටයේ වැදගත්ම තීරණ මෙන්න.
රාජ්‍ය සේවයට සහ වෘත්තීන් සඳහා සහන
- වැටුප් දෙවන අදියර: 2025 වැටුප් සංශෝධනවල දෙවන අදියරට රු. බිලියන 110 ක් වෙන් කෙරේ. 2026 ජනවාරි වැටුපේ සිට ගෙවීම් ඇරඹේ.
- දේපළ ණය අලුත් වෙයි: රජයේ සේවකයන්ට රු. ලක්ෂ 50 දක්වා දේපළ ණය. පළමු ලක්ෂ 30 ට 4% සහ ඊළඟට 2% පොලී සහනය.
- උත්සව අත්තිකාරම්: පොලී රහිත උත්සව අත්තිකාරම රු. 10,000 සිට රු. 15,000 දක්වා වැඩි කරයි.
- විදුහල්පති දීමනාව: විදුහල්පති දීමනාව රු. 1,500 කින් වැඩි කරයි.
- දුෂ්කර ගුරු දීමනා: වසර 20 කින් වැඩි නොකළ දීමනාව රු. 1,500 කින් වැඩි කරයි.
- දුම්රිය ගේට්ටුකරුවන්ට: අනාරක්ෂිත හරස් මාර්ගවල සේවයේ නියුතු ගේට්ටුකරුවන්ගේ දීමනාව රු. 15,000 දක්වා වැඩි කිරීමට රු. මිලියන 250 ක්.
බදු සහ ආදායම්
- බදු පදනම පුළුල් වෙයි: වැට් සහ SSCL බදු සඳහා ලියාපදිංචි වීමේ වාර්ෂික පිරිවැටුම් සීමාව 2026 අප්‍රේල් 1 සිට රු. මිලියන 60 සිට රු. මිලියන 36 දක්වා අඩු කරයි.
- වාහන බද්ද වෙනස්වේ: වාහන අලෙවියේ දී අය කළ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද, 2026 අප්‍රේල් සිට ආනයනයේදී හෝ නිෂ්පාදනයේදී අය කෙරේ. පසුව අලෙවියේදී නිදහස්.
- තීරු බදු: 2026 අප්‍රේල් සිට 0%, 10%, 20%, 30% ලෙස නව තීරු බදු අනුපාත හඳුන්වා දෙයි.
- රෙදිපිළි: ආනයනික රෙදි මත තිබූ සෙස් බද්ද ඉවත් කර, ඒ වෙනුවට වැට් බද්ද 2026 අප්‍රේල් 1 සිට ක්‍රියාත්මක කරයි.
නිවාස සහ සුබසාධනය
- උතුරු/නැගෙනහිර නිවාස: යුද්ධයෙන් අවතැන් වූ පවුල් සඳහා නිවාස 2,500 ක් සඳහා වෙන් කළ මුදල රු. මිලියන 5,000 ක් දක්වා වැඩි කරයි.
- වතු නිවාස: ඉන්දීය රජයේ සහය ඇතිව වතු කම්කරු ප්‍රජාවට නිවාස 2,000 ක් ඇතුළු යටිතල පහසුකම් සඳහා රු. මිලියන 4,290 ක්.
- අඩු ආදායම්ලාභී නිවාස: "තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" යටතේ 2026 දී නිවාස 10,000 ක් ඉදිකිරීමට අමතරව රු. මිලියන 3,000 ක් වෙන් කෙරේ.
- ළමා රැකවරණය: අවදානම් සහිත දරුවන්ගේ පවුල්වලට නිවාස ඉදිකිරීමට/ප්‍රතිසංස්කරණයට රු. මිලියන 2 ක මුදල් ආධාර. (මේ සඳහා රු. මිලියන 2,000 ක් වෙන් කර ඇත.)
සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා
- විශ්‍රාම වැටුප්: විදේශගත ශ්‍රමිකයන්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් යෝජනා කරයි.
- නිවාස ණය: විදේශගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙයි.
නාගරික සංවර්ධනය
- කොළඹ අධිවේගී අධ්‍යයනය: කොළඹ වරාය නගරයේ සිට Marine Drive දක්වා අධිවේගී මාර්ගයක් සම්බන්ධ කිරීමේ ශක්‍යතා අධ්‍යයනයට රු. මිලියන 330 ක්.
- පළාත් පාලන: ආයතන ශක්තිමත් කිරීමට සහ යටිතල පහසුකම් සංවර්ධනයට රු. මිලියන 2,500 ක්.
- සුරතල් සතුන්: වීදි සතුන් රැකබලා ගැනීම සහ සුරතල් සතුන්ගේ අවසන් කටයුතු සඳහා කැස්බෑව සහ පිළියන්දල නියමු ව්‍යාපෘතියකට රු. මිලියන 100 ක්.
- නාගරික පුනර්ජීවනය: කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ නිවාස ඉදිකිරීමට රු. මිලියන 15,000 ක්.
රාජ්‍ය සේවයට 75,000ක්

වසර ගණනාවක සිට රාජ්‍ය සේවයට විධිමත් ආකාරයකින් පුරප්පාඩු සඳහා බඳවා නොගැනීමෙන් රාජ්‍ය සේවා යාන්ත්‍රණය මුළුමනින්ම පාහේ අඩපණ වී ඇතැයි ජනාධිපතිවරයා පවසයි.
අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
මේ නිසාවෙන් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද, රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම හා සේවක සංඛ්‍යාව කළමනාකරණය කිරීම සඳහා වන කමිටුව හරහා සිදුකළ විධිමත් අධ්‍යයනයකින් පසුව 75,000කට ආසන්න පිරිසක් නිසි ක්‍රමවේදයක් යටතේ බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.
අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාව පවත්වාගැනීම සඳහා සිටිය යුතු තාක්ෂණික නිලධාරීන්, නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන්, ආදායම් නිලධාරීන් වැනි තනතුරු මීට ඇතුළත් වේ.
එසේම, මින් ඉදිරියට රාජ්‍ය අංශයේ සියලු බඳවා ගැනීම්, උසස් කිරීම් ඇතුළු කාර්යයන් දේශපාලන මැදිහත්වීම්වලින් පරිබාහිරව නියමිත විභාග සහ සේවා ව්‍යවස්ථා අනුව පමණක් සිදුකිරීම මඟින් තරුණ තරුණියන්ට සමාන අවස්ථා ලබාදෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.
විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සහන පොලියට නිවාස ණය

විදේශගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක් මෙවර අයවැය මඟින් යෝජනා කර තිබේ.
මෙරටට විදෙස් ප්‍රේෂණ හිමිවන ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වීම විශේෂත්වයකි.
එම පිරිස විසින් අප රටේ සංර්වධනයට දක්වන දායකත්වය අගයමින් විදේශගත ශ්‍රමිකයින් සඳහා මෙම නිවාස ණය යෝජනා ක්‍රමය යෝජනා කර ඇත.
එය පොලී ප්‍රතිපූර්ණ ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර්යාංශයේ අරමුදල් භාවිතයෙන් සිදුකිරීමට යෝජනා කර තිබේ.
එමෙන්ම විදේශගත ශ්‍රමිකයන්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත අතර, එහි මූලික වැඩකටයුතු කඩිනමින් සිදුකර 2026 වසර තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු විදේශ සේවා නියුක්තිකායාංශය විසින් සිදුකරනු ලබයි.
මෙම වැඩසටහන් සඳහා විදේශ සේවා නියුක්තිකාර්යාංශයේ අරමුදල්වලින් රුපියල් මිලියන 2,000ක් ආරම්භක පියවරේ දී වෙන්කරනු ලබන බව ජනාධිපතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසීය.
වීදි සුනඛයන් හා සුරතල් සතුන් වෙනුවෙනුත් මෙවර අයවැයෙන් රු මිලියන 100ක්

නාගරික සහ අධි නාගරික ප්‍රදේශවල ජීවන රටාවන් වෙනස් වීමත් සමඟම සුරතල් සතුන් ඇති කිරීමේ ප්‍රවණතාවය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.
ඒ සමඟ, සුරතල් සතුන් මිය ගිය විට භූමදානය කිරීම සහ ආදාභනය කිරීම ගැටලුවක් වී පවතින බව ජනාධිපතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසීය.
ඒ සඳහා ගෞරවනීය සහ පාරිසරික වශයෙන් වගකිවයුතු විකල්ප සඳහා ඉල්ලුමද වැඩිවී තිබේ.
එමෙන්ම, නාගරික ප්‍රදේශවල ව්‍යාප්තව පවතින වීදි සුනඛයින් සහ සුරතල් සතුන් රැක බලාගැනීම ක්‍රමවේදයක් ද පළාත් පාලන ආයතන හා එක්ව සංර්වධනය කිරීම අවශ්‍ය බව අවධානයට ගෙන ඇත.
මෙම අවශ්‍යතාවයට අවධානය යොමු කිරීමක් වශයෙන්, සුරතල් සතුන් භූමදානය කිරීම, ආදාහනය කිරීම සහ වීදි සතුන් රැක බලා ගැනීම සඳහා සේවා සැපයීම දිරිමත් කිරීමේ අරමුණින්, කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශයන්හි පළාත් පාලන ආයතනයන් හී නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.
අයවැයෙන් අධ්‍යාපනයට හිමි වූ තැන - මහපොළ දීමනාවත් ඉහළට

2025 වසරේ සිට සිසුන් වෙනුවෙන් ලබාදුන් රු 6,000ක ලිපිද්‍රව්‍ය දීමනාව 2026 වසර තෙක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.
මේ සඳහා අස්වැසුම වැඩසටහන තුළින් රු මිලියන 9,000ක් වෙන්කර තිබේ.
මේ අතර අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත දරුවන් සඳහා වෛද්‍ය නිර්දේශ මත එක් දරුවෙකුට රු 5,000ක දීමනාවක් මාසිකව ලබාදීම සඳහා රු මිලියන 50ක් අයවැයෙන් යෝජනා කර ඇත.
මේ අතර, විශ්වවිද්‍යාල සඳහා බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 43,000ක් දක්වා ඉහළ නංවුවත් පහසුකම් ප්‍රමාණවත් නොවීම බරපතළ ගැටලුවක් වන බැවින් ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාර, ආපනශාලා සහ පොදු ඉගෙනුම් ප්‍රදේශ ආදිය දියුණු කිරීමට රු මිලියන 2,5000ක ප්‍රතිපාදන වෙන්කෙරේ.
මේ අතර, වෛද්‍ය පීඨයන් ඇති කළ ද ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනයන් සඳහා අවශ්‍ය මහාචාර්ය ඒකක, විද්‍යාගාර පහසුකම් නොමැති වීම නිසා ගැටලු රැසක් පැනනැගී තිබේ. මේ නිසාවෙන් සබරගමුව, මොරටුව, රුහුණ, ඌව වෙල්ලස්ස සහ නැගෙනහිර විශ්වවිද්‍යාල ඇතුළු වෛද්‍ය පීඨ සංවර්ධනයට රු මිලියන 11,000ක ප්‍රතිපාදන යෝජනා කර ඇත.
මීට අමතරව විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල පහසුකම් වැඩිදියුණු කිරීමට හා පර්යේෂණ කටයුතු සඳහා රු මිලියන 11,500ක ප්‍රතිපාදන වෙන්කෙරේ.
මේ අතර විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනාව 2026 වසරේ දී ජීවන වියදමට සරිලන ලෙස රු 2,500කින් ඉහළ දැමීමට යෝජනා කර තිබේ. ඒ අනුව මාසික දීමනාව රු 10,000ක් වේ. ඒ අනුව ශිෂ්‍යාධාර දීමනාව රු 9,000ක් දක්වා ඉහළ නැංවේ. මෙයට සමගාමීව නිපුණතා සිසු දිරිය දීමනාව රු 2,500කින් වැඩි කෙරේ.
උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ආබාධ සහිත ශිෂ්‍යයින් දිරි ගැන්වීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල ශිෂ්‍යයින් සඳහා රු 5,000ක දීමනාවක් මාසිකව ලබාදීමට රුපියල් මිලියන 50ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශිෂ්ෂණලාභීන් සඳහා ගෙවනු ලබන දීමනාව රු 2,500කින් වැඩි කිරීමට යෝජනා කෙරේ. එම වැඩිවෙන දීමනා ගෙවීමට දැනට වෙන්කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 2,750ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.
තෝරාගත් විශ්වවිද්‍යාලවල, විශේෂයෙන්ම අග්නිදිග, යාපනය (කිළිනොච්චි), වව්නියාව, නැගෙනහිර සහ සබරගමුව වැනි විශ්වවිද්‍යාල සඳහා නේවාසිකාගාර ගොඩනැඟිලි ඉදිකිරීමට අයවැයෙන් රුපියල් මිලියන 1,500ක් වෙන් කරනු ලබන අතර රට තුළ පැවතිමූල්‍යමය අබුදය හේතුවෙන් නිසි පරිදි නඩත්තු කර නොමැති නේවාසිකාගාර ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ද මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. මින් ඉදිරියට විශ්වවිද්‍යාල සිසුන් සඳහා නේවාසිකාගාර පහසුකම් සැපයීමේ දී අවට ප්‍රජාවගේ ගොඩනැඟිලි පහසුකම් යොදාගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ.
වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිකොට, නිසි ගරුත්වයක් සහිත රැකියා අවස්ථා සුලබ කිරීම ක්‍රියාත්මක වීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අපේක්ෂා කරනවා. ඒ අනුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල පහසුකම් වැඩි දියුණු කිරීම, විෂය පාඨමාලා නවීකරණය කිරීම, ගුරුවරුන් හා උපදේශකයන් පුහුණු කිරීම වැනි කායයන් අඛණ්ඩව සිදුකරනු ඇත.
වෘත්තීය අධ්‍යාපන හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 9 ක්, විශිෂ්ටතා මධ්‍යස්ථාන (Center of Excellence) ලෙස වැඩි දියුණු කිරීම හා දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන 50 ක් වැඩි දියුණු කිරීම 2026 වසරේ ආරම්භ කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 2,000 ක් ඇතුළුව සමස්තවෘත්තීය පුහුණු අධ්‍යාපනයේ අභිවෘද්ධිය වෙනුවෙන් රු මිලියන 8,000ක් වෙන්කර තිබේ.
ඩිජිටල් ආර්ථිකය, ණය පාලනය සහ සමාජ සුභසාධනය කෙරෙහි අවධානය යොමු අයවැයක්, 2026 අයවැය ජනාධිපති දිසානායක ඉදරිපත් කරයි
💥 අයවැය සජීවී: ජනපතිගෙන් රාජ්‍ය සේවයට සහ ජනතාවට අලුත් දීමනා!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ 2026 අයවැය කතාවේ, රාජ්‍ය සේවයට සහ ජනතා සුබසාධනයට අදාළ අලුත්ම යෝජනා මෙන්න.
රාජ්‍ය සේවකයන්ට සහන
- වැටුප් වැඩිවීම: 2025 ක්‍රියාත්මක කළ වැටුප් සංශෝධනවල දෙවන අදියරට රු. බිලියන 110 ක් වෙන් කර ඇත. 2026 ජනවාරි වැටුපේ සිට එය සියලුම රාජ්‍ය සේවකයන්ට ගෙවනු ඇත.
- දේපළ ණය අලුත් වෙයි: රජයේ සේවකයන්ගේ දේපළ ණය යෝජනා ක්‍රමය යටතේ රු. ලක්ෂ 50 දක්වා ණය ලබා ගැනීමට හැකියාව ලැබේ.
- රු. ලක්ෂ 30 දක්වා 4% පොලී සහනයක්.
- ඉතිරි මුදලට 2% පොලී සහනයක්. (මේ සඳහා රු. මිලියන 500 ක් වෙන් කර ඇත.)
- උත්සව අත්තිකාරම්: පොලී රහිත උත්සව අත්තිකාරම් මුදල රු. 10,000 සිට රු. 15,000 දක්වා වැඩි කරයි.
- අත්තිකාරම් ගිණුම්: රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් සීමාවට රු. මිලියන 10,000 ක් වෙන් කෙරේ.
- වාහන: රාජ්‍ය ආයතනවලට සහ මන්ත්‍රීවරුන්ට වාහන මිලදී ගැනීමට රු. මිලියන 12,500 ක් වෙන් කෙරේ.
- නව බඳවා ගැනීම්: නිසි ක්‍රමවේදයක් යටතේ 75,000 කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අනුමැතිය.
බදු සහ වෙළඳ ප්‍රතිපත්ති වෙනස්වීම්
- වාහන බද්ද වෙනස්වේ: වාහන අලෙවියේ දී අය කළ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL), 2026 අප්‍රේල් සිට ආනයනික අවස්ථාවේදී හෝ නිෂ්පාදනයේදී අය කෙරේ. පසුව අලෙවියේදී බද්ද නිදහස්.
- බදු පදනම පුළුල් වෙයි: ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ වාර්ෂික පිරිවැටුම් සීමාව (වසරකට) රු. මිලියන 60 සිට රු. මිලියන 36 දක්වා අඩු කරයි. (2026 අප්‍රේල් 1 සිට.)
- තීරු බදු: 2026 අප්‍රේල් සිට තීරු බදු අනුපාත 0%, 10%, 20%, 30% ලෙස නව ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරයි.
- රෙදිපිළි: ආනයනික රෙදි මත තිබූ සෙස් බද්ද ඉවත් කර, ඒ වෙනුවට වැට් බද්ද පැනවීමට යෝජනා. (2026 අප්‍රේල් 1 සිට.)
නිවාස සහ ජනතා සුබසාධනය
- අලුත් නිවාස වැඩසටහන: "තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" යටතේ නිවාස 70,000 ක් ඉදිකිරීමට බලාපොරොත්තු වේ. 2026 දී නිවාස 10,000 ක් සඳහා රු. මිලියන 3,000 ක් අමතරව වෙන් කෙරේ.
- නගර පුනර්ජීවනය: කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ඇපල්වත්ත, මාදම්පිටිය ඇතුළු ප්‍රදේශවල නිවාස ඉදිකිරීමට රු. මිලියන 15,000 ක්.
- උතුරු-නැගෙනහිර නිවාස: නිවාස 2,500 ක් ඉදිකිරීමට වෙන් කළ මුදල රු. මිලියන 3,850 සිට රු. මිලියන 5,000 ක් දක්වා වැඩි කරයි.
- මලයගම් නිවාස: ඉන්දීය රජයේ සහය ඇතිව වතු කම්කරු ප්‍රජාවට නිවාස 2,000 ක් ඉදිකිරීමට රු. මිලියන 4,290 ක් වෙන් කෙරේ.
- ළමා ආරක්ෂණය: ළමා නිවාසවලින් සමාජගත වුවන්ට සහ අවදානම් සහිත දරුවන්ගේ පවුල්වලට නිවාස ඉදිකිරීමට/ප්‍රතිසංස්කරණය කිරීමට රු. මිලියන 2 ක මුදලක්. (මේ සඳහා රු. මිලියන 2,000 ක් වෙන් කර ඇත.)
අධ්‍යාපනය සහ වෙනත්
- විදුහල්පති දීමනාව: විදුහල්පති දීමනාව රු. 1,500 කින් වැඩි කරයි. (විදුහල්පතිවරුන්ගේ පරිපාලන වගකීම් අගයමින්.)
- දුෂ්කර ප්‍රදේශ ගුරු දීමනා: වසර 20 කින් වැඩි නොකළ දීමනාව රු. 1,500 කින් වැඩි කරයි.
- අධිවේගී මාර්ග අධ්‍යයනය: කොළඹ වරායේ සිට සමුද්‍රීය මාර්ගය (Marine Drive) දක්වා කුළුණු මත අධිවේගී මාර්ගයක් සම්බන්ධ කිරීමේ ශක්‍යතා අධ්‍යයනයට රු. මිලියන 330 ක්.
- පළාත් පාලන: පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමට සහ යටිතල පහසුකම් සංවර්ධනයට රු. මිලියන 2,500 ක්.
- සුරතල් සතුන්: වීදි සතුන් රැකබලා ගැනීම සහ සුරතල් සතුන් භූමදාන/ආදාහන සේවා දිරිමත් කිරීමට කැස්බෑව සහ පිළියන්දල නියමු ව්‍යාපෘතියකට රු. මිලියන 100 ක්.
💥 2026 අයවැය සජීවී යාවත්කාලීන: ජනපතිගෙන් රටටම අලුත් සැලසුම්!
අද (07) දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2026 අයවැය කතාවේ ප්‍රධාන යෝජනා සහ තීරණ මෙන්න.
ණය සහ ආර්ථික ඉලක්ක
- ණය අඩු කරයි: 2030 වනවිට රාජ්‍ය ණය 87% දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වේ.
- අයවැය හිඟය: අයවැය හිඟය 5.2% දක්වා අඩු කරයි.
- මුදල් උපාය මාර්ගය: රජයේ මුල්‍ය උපාය මාර්ගය වන්නේ 'අස්ථාවරත්වය පුරෝකථනය' කිරීමයි.
රාජ්‍ය පාලනය සහ විනිවිදභාවය
- රාජ්‍ය වත්කම් පනත: 2026 දී සම්මත කිරීමට සැලසුම් කර ඇත.
- විනිවිදභාවය: සියලු දෙනාගේ වත්කම් ප්‍රකාශ කිරීමට ඩිජිටල් පද්ධතියක්.
- අධිකරණය: අධිකරණ නිලධාරීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් (2026 දී).
- සමාජ ආරක්ෂණය: 2026 දී සමාලෝචනයක් සිදු කරයි.
- බන්ධනාගාර: බන්ධනාගාර සහ එළිමහන් සිරකඳවුරු කාර්යක්ෂම කිරීමට රු. මිලියන 100 ක්.
බදු සහ ආයෝජන පහසුකම්
- බදු සහන: නව බදු සහන ක්‍රමවේදයක් සඳහා Strategic Development පනත සහ Port City පනත සංශෝධනය කරයි.
- SVAT අවලංගුයි: SVAT අවලංගු කර, බදු යළි ගෙවීම විධිමත් කිරීමට පියවර.
- අලුත් බද්ද: වාහන අලෙවියේ දී අය කළ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද, 2026 අප්‍රේල් සිට වාහන ආනයනයේදී හෝ නිෂ්පාදනයේදී අය කරයි. පසුව අලෙවියේදී එය නිදහස්.
- විදේශ ආයෝජකයන්: ඔවුන් සඳහා නේවාසික වීසා ක්‍රමවේදයක්.
- ආයෝජන කලාප: නුවරඑළියේ සහ දිගන නව තාක්ෂණික ආයෝජන කලාප දෙකක්.
- සේවා කලාප: ආයෝජන කලාප ආශ්‍රිතව සේවා කලාප ගොඩනැගීමට රු. මිලියන 1000 ක්.
ඩිජිටල්කරණය සහ යටිතල පහසුකම්
- ඩිජිටල් හැඳුනුම්පත: පළමු ඩිජිටල් හැඳුනුම්පත 2026 මුල් කාර්තුවේදී නිකුත් කෙරේ.
- ගාස්තු නැත: ඩිජිටල් ගනුදෙනු සඳහා රාජ්‍ය සේවා ගාස්තු අය නොකෙරේ.
- Cashless: මුදල් නෝට්ටු රහිත සමාජයක් වෙනුවෙන් රජයේ සියලු ගෙවීම් Online කරයි.
- ඉඩම් දත්ත: ඉඩම් තොරතුරු සඳහා මධ්‍යම ඩිජිටල් පද්ධතියකට රු. මිලියන 100 ක්.
- ගුවන් තොටුපොළ: BIA පුළුල් කිරීමේ සංවර්ධන ව්‍යාපෘතිය ලබන වසරේ මුල් කාර්තුවේදී නැවත අරඹයි.
- Beira වැව: බේරේ වැව සංවර්ධනයට රු. මිලියන 2500 ක්.
සේවක වැටුප් සහ දීමනා
- වතු කම්කරුවන්ගේ වැටුප ඉහළට: 2026 ජනවාරි සිට අවම දෛනික වැටුප රු. 1,350 සිට රු. 1,550 දක්වා වැඩිවේ. අමතරව දිනපතා පැමිණීමේ දිරි දීමනාවක් ලෙස රජයෙන් තවත් රු. 200 ක් ලබාදේ.
- රාජ්‍ය සේවක වැටුප්: 2025 වැටුප් සංශෝධනවල දෙවන අදියරට රු. බිලියන 110 ක් වෙන් කෙරේ. ජනවාරි 2026 සිට ගෙවීම් ඇරඹේ.
- දේපළ ණය: රාජ්‍ය සේවක දේපළ ණය නව ව්‍යුහයක් යටතේ රු. ලක්ෂ 50 දක්වා සක්‍රීය කරයි. රු. ලක්ෂ 30 දක්වා 4% සහ රු. ලක්ෂ 30 සිට 50 දක්වා 2% පොලී සහනයක්.
අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ සුබසාධනය
- මහපොළ දීමනාව ඉහළට: මහපොළ මාසික දීමනාව රු. 2,500 කින් වැඩි කරයි. ජනවාරි 2026 සිට මුළු මුදල රු. 10,000 කි.
- පාසල් පොත්: පාසල් දරුවන්ට පොත්පත් සඳහා දුන් රු. 6,000 දීමනාව 2026 දීත් ලැබේ.
- උසස් අධ්‍යාපන සහය: අඩු ආදායම්ලාභී පවුල්වල උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට මාසිකව රු. 5,000 ක්.
- වෛද්‍ය පීඨ: සංවර්ධනය සඳහා රු. මිලියන 11,000 ක්.
- හෘද රෝග ඒකකය: මහල් 16කින් යුත් ජාතික හෘද රෝග ඒකකයට රු. මිලියන 12,000 ක් (මූලික වැඩට රු. මිලියන 200 ක්).
- මත්ද්‍රව්‍ය මර්දනය: ජාතික මෙහෙයුම සඳහා රු. මිලියන 2,000 ක්.
- ආබාධිත දරුවන්: ඔටිසම් ඇතුළු ආබාධිත දරුවන්ගේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා රු. මිලියන 500 ක්.
- අන්තර්ජාලය: අස්වැසුම් පවුල්වල දරුවන්ට බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් වව්චර් පත්.
- Clean ශ්‍රී ලංකා: "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනට රු. මිලියන 6,500 ක්. {{youtube:eVT_6DfkXOM}}