මැදපෙරදිග ගැටුමේ නවතම තත්ත්වය
Jul 11, 2026
කුවේට්හි විදුලි හා ජල පිරිපහදු පහසුකම්වලට ඉරානයෙන් යළි ප්‍රහාර

කුවේට්හි විදුලි බලාගාර සහ මුහුදු ජලය පානීය ජලය බවට පත් කරන
ජල පිරිපහදු කර්මාන්තශාලා වලට නැවතත් ඉරානයෙන් ප්‍රහාර එල්ල වූ
බව කුවේට් රාජ්‍ය බලධාරීන් පවසනවා.
කුවේට්හි විදුලි, ජල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන්
කළේ මෙය අඛණ්ඩව සිදු වූ සිව්වන ප්‍රහාරය බවයි.
මෙම ප්‍රහාර හේතුවෙන් ස්ථාන කිහිපයක ගිනි ගැනීම් ඇති වූ අතර, හදිසි
සේවා කණ්ඩායම්, ගිනි නිවීමේ අංශ සහ ආරක්ෂක අංශ එක්ව ඒවා සාර්ථකව
මැඩපවත්වා ඇත.
උපකරණ හා විදුලි සහ ජල පද්ධති ආරක්ෂා කිරීමේ අරමුණින් විදුලි උත්පාදන
ඒකක කිහිපයක් තාවකාලිකව සේවයෙන් ඉවත් කර ඇති බව ද අමාත්‍යාංශය
සඳහන් කළා.
අලුත්වැඩියා කටයුතු ද අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන්.
මෙම ප්‍රහාර හේතුවෙන් කුවේට්හි විදුලි හා පානීය ජල සැපයුමට ඇති විය
හැකි බලපෑම් පිළිබඳව බලධාරීන් සමීපව අධ්‍යයන කරමින් සිටි.
බහරේනයේ Amazon දත්ත මධ්‍යස්ථානයට මිසයිල ප්‍රහාරයක් - IRGC

බහරේනයේ ඇමරිකානු වාණිජ ඉලක්කයක් ලෙස හඳුන්වා දී ඇති
ඇමසන් (Amazon) සමාගමේ මධ්‍යම දත්ත යටිතල පහසුකම්වලට
(Central Data Infrastructure) මිසයිල ප්‍රහාරයකින් විනාශ
කළ බව ඉරනයේ විප්ලවකාරි ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ
කරනවා.
IRGC පවසන්නේ, මෙම ප්‍රහාරය Darkhovin ප්‍රදේශයේ සිවිල් යටිතල
පහසුකම්වලට ඇමරිකාව විසින් එල්ල කළ බව කියන ප්‍රහාරවලට
ප්‍රතිචාරයක් ලෙස සිදු කළ බවයි
මේ අතර කුවේට්හි පිහිටි ප්‍රධාන ඇමරිකානු හමුදා කඳවුරු තුනකට
"කමිකාසේ" (Suicide) ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කළ
බව ඉරානය ප්‍රකාශ කරනවා.
අරිෆ්ජාන් (Arifjan) කඳවුරේ පරිපාලන ගොඩනැගිලි සහ සංඥා
හඳුනාගැනීමේ ඇන්ටෙනා, අල් අදිරි (Al-Adiri) කඳවුරේ හෙලිකොප්ටර්
නවතා තිබූ ප්‍රදේශය සහ අහමඩ් අල් ජබාර් (Ahmed Al-Jaber) ගුවන්
කඳවුරේ සෙබළුන්ගේ නවාතැන් පහසුකම් මෙම ප්‍රහාරවල ඉලක්ක වූ බව
ඉරානයේ තස්නිම් (Tasnim) පුවත් සේවය වාර්තා කළා.
මේ අතර ඊයේත් (20) ජොර්දානයේ පිහිටි අමරිකානු හමුදා කඳවුරුවෙතද
ප්‍රහාර එල්ල කළ බව රනයේ විප්ලවකාරි ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ
කරනවා.
ඉරානයේ නගර 9 කට අමරිකානු ප්‍ර්‍රහාර - ඉරාන හමුදා අණ මධ්‍යස්ථානත් විනාශ කෙරේ

ඉරානයේ නගර 9 කට සහ වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට අමරිකාව ගුවන් ප්‍රහාර එල්ලකොට තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රි කාලයේ මෙම ප්‍රහාර එල්ලවු බව ඉරාන කම්කරු පුවත් ඒජන්සිය (ILNA) වාර්තා කරනවා. ඉරානයේ අබ්දානාන් (Abdanan), බන්දාර් අබ්බාස් (Bandar Abbas), බන්දාර් ලෙන්ගේහ් (Bandar Lengeh), බුෂෙහර් (Bushehr), චාබහාර් (Chabahar), කෙෂ්ම් දූපත (Qeshm Island), සිරික් (Sirik), ශිරාස් (Shiraz) සහ කොනාරක් (Konarak) යන නගර අමරිකානු ප්‍රහාරවල ඉලක්කවි තිබෙනවා. මේ අතර, ඇමරිකානු මධ්‍යම අණදෙන මුලස්ථානය (CENTCOM) සිය X ගිණුම ඔස්සේ සඳහන් කළේ, ඉරාන හමුදා අණ මධ්‍යස්ථාන, නාවික හමුදා පහසුකම්, මිසයිල හා ඩ්‍රෝන යානා දියත් කිරීමේ මධ්‍යස්ථාන සහ ගුවන් ආරක්ෂක පද්ධති මෙම ප්‍රහාරවල ඉලක්ක වූ බවයි. මෑතකදී ජෝර්දානයේ සෙබළුන් දෙදෙනෙකු සහ ඉරාකයේ සෙබළෙකු මියයාමේ සිද්ධියට ප්‍රතිචාර ලෙස ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ, පෙර දින රාත්‍රියේ ඉරානය දැඩි ලෙස ප්‍රහාරයට ලක්වූයේ එම සෙබළුන්ට ගෞරවයක් වශයෙන් බවයි.
මියගිය සෙබළුන්ගේ ජීවිත වෙනුවෙන් පළිගන්න ට්‍රම්ප් සැරසෙයි

හොර්මුස් සමුද්‍ර සන්ධියේදී නෞකාවලට පහරදීම සඳහා ඉරානය සතු හැකියාවන් "තවදුරටත් දුර්වල කිරීම" අරමුණු කරගනිමින්, ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇති බව අමෙරිකාව පවසයි.
අමෙරිකාව මෙම ප්‍රහාර මාලාව දියත් කර ඇත්තේ, අඛණ්ඩව 10 වන දිනයේ දීය.
මෑතකදී ජෝර්දානයේදී සහ ඉරාකයේදී අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු මියයාමට ප්‍රතිචාර ලෙස ඉරානයට "දැඩි ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි" ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම ප්‍රහාර තීව්‍ර වී ඇත.
මීට පෙර ඉරානයේ හමුදා සහ සන්නිවේදන මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවද අමෙරිකාව ප්‍රකාශ කර තිබේ.
මේ අතර ඉරානය පවසන්නේ බහරේන්, ජෝර්දානය සහ සිරියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවය.
ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර ඇත්තේ, තම රට අමෙරිකාව සමඟ "මහා පරිමාණ යුද්ධයක" සිටින බවය.
කලාපයේ ආතතිය තවදුරටත් ඉහළ නංවමින් ජෝර්දානය ඉරාන මිසයිල තුනක් බිම හෙළූ බවත්, කුවේට් හමුදාව ඉරාන ඩ්‍රෝන යානා අවහිර කළ බවත් වාර්තා වේ.
මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ තෙල් නැව් දෙකක් පුපුරා ගොස් ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කළද, අමෙරිකානු මධ්‍යම හමුදා විධානය විසින් එම ප්‍රහාරය ප්‍රතික්ෂේප කර තිබේ.
රජ්‍ය තාන්ත්‍රික විසඳුමකට තවදුරටත් විවෘතයි - අමරිකානු රාජ්‍ය ලේකම්

ඉරනයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ ද ඉරානය සමඟ රාජ්‍ය
තාන්ත්‍රික විසඳුමක් සොයා ගැනීම සඳහා තවදුරටත් විවෘතව බව
අමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවස්නවා.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කළේ,
ගැටුම්වලදී ඇමරිකානු හමුදා සාමාජිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට
පත්ව දින නවයක් අඛණ්ඩව ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ ද
රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ගයකට විවෘත බවයි.
එමෙන්ම හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය
ආරක්ෂා කිරීමේ වගකීම ලෝක බලවතුන් බෙදාගත යුතු බවද
අමරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසනවා.
පිලිපීනයේ සංචාරයකට සුදානම් වෙමින් මාධ්‍යවේදීන් අමතමින්
මාර්කෝ රුබියෝ කලාපීය ගැටුමේදී ඉරානය හෝර්මුස් සමුද්‍ර
සන්ධිය උපායමාර්ගිකව පීඩනයක් එල්ල කිරීමට මෙවලමක් ලෙස
භාවිත කරමින් සිටින බවයි.
ඒ අනුව, ලෝක නාවික ගමනාගමනය ආරක්ෂා කිරීම සඳහා
අනෙකුත් රටවල් ද වැඩි වගකීමක් භාරගත යුතු බව අමරිකානු
රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අවධාරණය කර සිටියා.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය ආරක්ෂා
කිරීම සඳහා එක්සත් ජනපදය ඉදිරියටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා
නමුත් එම ආරක්ෂක කටයුතුවල බර එක්සත් ජනපදය පමණක් දරනවා
වෙනුවට, අනෙකුත් රටවල් ද උපකරණ, සම්පත් හෝ මූල්‍ය ආධාර
ලබාදෙමින් එම වගකීම බෙදාගත යුතු බව මාර්කෝ රුබියෝ වැඩිදුරටත්
ප්‍රකාශ කළා.
ඉහළ වාසිය ලැබෙන තුරු යුද්ධය අඛණ්ඩව - අබ්බාස් අරාග්චි

ඇමරිකාව සමඟ පවතින යුද්ධය අවසන් කරන්නේ යුද බිමේ තමන්ට ඉහළ වාසියක් හිමි වූ විට බව ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසනවා. ඉරානයේ රාජයේ පුවත් සේවය වන අයිරානා (IRNA) සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අරාග්චි සඳහන් කළේ, අර්බුද කළමනාකරණයේදී වඩාත් තීරණාත්මක තීරණය වන්නේ සටන් නතර කර සාකච්ඡා ආරම්භ කළ යුතු නිවැරදි අවස්ථාව හඳුනා ගැනීම බවයි. "යුද්ධයක් අවසන් විය හැක්කේ සම්පූර්ණ යුද ජයග්‍රහණයක් හරහා හෝ සාකච්ඡා මාර්ගයෙන් පමණි.... සාකච්ඡා සඳහා සුදුසුම අවස්ථාව වන්නේ යුද බිමේ විශ්වාසදායක හා උපායමාර්ගික ජයග්‍රහණයක් අත්කරගත් පසුය." යැයි ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසා තිබෙනවා. තවද ඔහු සඳහන් කළේ, ජනතාවගේ ජීවිත හා සමස්ත රටේ අනාගතය අවදානමට ලක්වන තීරණ ගත නොහැකි බැවින්, සියලු තීරණ නිවැරදි හා සම්පූර්ණ විශ්ලේෂණයකට අනුව ගත යුතු බවයි. අරාග්චි වැඩිදුරටත් පැවසුවේ, යුද්ධය දිගටම පවත්වාගෙන යාමෙන් වැඩි ප්‍රතිලාභ ලැබේද, නැතහොත් එය මිනිස් ජීවිත හා ජාතික සම්පත් සඳහා තවත් බරපතළ හානි ඇති කරයිද යන්න දේශපාලන නායකයන් නිරන්තරයෙන් ඇගයීමට ලක් කළ යුතු බවයි. අවසාන වශයෙන් ඔහු සඳහන් කළේ.... "අපට යම් යම් අලාභ සිදුවුවද, මෙම යුද්ධයෙන් පසු අප ජාත්‍යන්තර මට්ටමේ තීරණාත්මක බලපෑමක් ඇති රාජ්‍යයක් ලෙස ඉදිරියට පැමිණි අතර, අපගේ පද්ධතියේ ශක්තියද ලොවට පෙන්වා දීමට අපට හැකි විය."යනුවෙන්.
ඉරානයේ ප්‍රහාරයකින් තවත් ඇමෙරිකානු හමුදා සාමාජිකයෙකු ජීවිතක්ෂයට

උතුරු ඉරාකයේදි ඉරාන ප්‍රහාරක ඩ්‍රෝනයක ඉතිරිව තිබූ පුපුරා නොගිය පුපුරණ ද්‍රව්‍ය ඒකකයක් පුපුරා ගොස් ඇමෙරිකානු හමුදා සෙබළෙකු මියගොස් තවත් සෙබළෙකු තුවාල ලබා තිබෙනවා. එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානය් (CENTCOM) සඳහන් කළේ, බිම හෙළන ලද ඉරාන ප්‍රහාරක ඩ්‍රෝනයකින් ඉතිරිව තිබූ පුපුරා නොගිය පුපුරණ ද්‍රව්‍යය ඒකකයක් ආරක්ෂිත ලෙස විනාශ කිරීමට යමේදි මෙම අනතුර සිදුව ඇති බවයි. එහිදී තවත් හමුදා සාමාජිකයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ. මේ අතර, ජෝර්දානයේ ඇමෙරිකානු හමුදා කඳවුරකට සිකුරාදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු අතුරුදන් වූ හමුදා සාමාජිකයා සොයා සිදු කළ මෙහෙයුමේදී "හඳුනා නොගත් මිනිස් සිරුරක කොටස්" සොයාගෙන ඇති බව CENTCOM පවසනවා. එම දේහ කොටස් අතුරුදන් වූ සෙබළාගේද යන්න තහවුරු කිරීම සඳහා පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක බවද CENTCOM පවසනවා. ජෝර්දානයේ ඇමෙරිකානු හමුදා කඳවුරට එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් අමරිකානු හමුදා සෙබළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. ජෝර්දානයේ හමුදා කඳවුර තුළට අවම වශයෙන් ප්‍රහාර දෙකක් එල්ලවන්නට ඇති බවත් එක් විශාල පිපිරීමක් කඳවුරේ දර්ශන අනුව පෙනි යන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය පෙබරවාරි මාසයේ සිට පවතින යුධ ගැටුම් වලින් මිය ගිය ඇමෙරිකානු හමුදා සමාජික සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් ඇති අතර, මීට පෙර අතුරුදන් වූ ඇමෙරිකානු නාවික හමුදා ගුවන් නියමුවෙකුද මියගොස් ඇති බව නිල වශයෙන් තහවුරු කර තිබේ.
ඉරානයේ න්‍යෂ්ටික ව්‍යාපෘතියකට මිසයිල ප්‍රහාරයක්

ඉරානයේ ඛුසෙස්තාන් පළාතේ ඉදිකරමින් පවතින ඩාර්කොවින් (Darkhovin)
න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතියට අමරිකාව මිසයිල ප්‍රහාරයක් එල්ල කොට
තිබෙනවා.
ඉරානයේ පරමාණු බලශක්ති සංවිධානය (AEOI) පවසන්නේ, අද (19) අලුයම
න්‍යෂ්ටික බලාගාරයට මිසයිල කිහිපයක් එල්ලවී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පසුව නිකුත් කරන බව ඉරානයේ පරමාණු
බලශක්ති සංවිධානය පවසනවා.
ඩාර්කොවින් න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2022 වසරේදී ආරම්භ
කරනු ලැබු ව්‍යාපෘතියකි.
ඉරානයේ වෙරළ හා ගුවන් ආරක්ෂක පද්ධති හා IRGC ඉලක්ක වෙත දැඩි ප්‍රහාරයක්

ඊයේ (18 - සෙනසුරාදා) රාත්‍රියේ ඉරානයේ වෙරළ ආරක්ෂක නිරීක්ෂණ පද්ධති සහ ගුවන් ආරක්ෂක පහසුකම් ඉලක්ක කරමින් තවත් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඇමරිකානු ඇමරිකානු මධ්‍යම හමුදා අණදෙන මූලස්ථානය (CENTCOM) පවසනවා. ජෝර්දානයේදී ඇමරිකානු හමුදා සාමාජිකයන්ට ප්‍රහාර එල්ල කළ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ඉලක්ක වෙතද ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු මධ්‍යම හමුදා අණදෙන මූලස්ථානය ප්‍රකාශ කරනවා. ඇමරිකානු මධ්‍යම හමුදා විධානය (CENTCOM) සඳහන් කළේ ඉරානයේ හමුදා ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කළ බවයි. එමෙන්ම ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පිහිටි කෙෂ්ම් (Qeshm) දූපතද ප්‍රහාර එල්ලවී ඇති බවයි. CENTCOM ප්‍රකාශ කළේ, අඛණ්ඩව අටවැනි රාත්‍රියටත් සිදු කළ මෙම ප්‍රහාරවල අරමුණ වූයේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන වාණිජ නාවික ගමනාගමනයට තර්ජනයක් එල්ල කිරීමේ ඉරානයේ හැකියාව තවදුරටත් දුර්වල කිරීම බවයි.
ඉරානය ජෝර්දානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඉරානය විසින් ජොර්දානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු අතුරුදන්ව තිබේ.
ඉරානය විසින් එල්ල කරන ලද බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ මෙම සෙබළුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙවුන්ගේ මරණ සම්බන්ධව අමෙරිකානු මධ්‍යම අණදෙන විධානයද මේ වන විට තහවුරු කර ඇත.
එමෙන්ම එක්සත් ජනපද සේවා සාමාජිකයින් සිව් දෙනෙකුද ප්‍රහාර හමුවේ තුවාල ලබා ඇති බවත් එහි සඳහන් වේ.
ඉරාන අවබෝධතා ගිවිසුම (MoU) අවසන් - ඉරානය නිල වශයෙන් කියයි

ගැටුම් නිමා කිරිමට අමරිකාව සහ ඉරානය අතර ඇතිවු අවබෝධතා ගිවිසුම අත්හිටවු බව ඉරානය පවසනවා. ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ ඉරාන තාක්ෂණික සාකච්ඡා කණ්ඩායමේ ප්‍රධානී කාසෙම් ගරිබාබාඩි (Kazem Gharibabadi) පවසන්නේ, එක්සත් ජනපදය අවබෝධතා ගිවිසුමේ (MoU) සියලු වගකීම් උල්ලංඝනය කර ඇති බැවින්, එම ගිවිසුම ප්‍රායෝගිකව අත්හිටවු බවයි. "එක්සත් ජනපදය අවබෝධතා ගිවිසුම (MoU) යටතේ තිබූ සියලු බැඳීම් කඩ කර ඇති අතර ඒවා අත්හිටුවා ඇති බවයි... ඒ අනුව, අපිද අපගේ සියලු බැඳීම් සහ ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්හිටවනු ලැබුවා... මේ මොහොතේ අපගේ ප්‍රමුඛ කාර්යය වන්නේ රට ආරක්ෂා කිරීමයි." යනුවෙන් ඔහු ප්‍රකාශ කරනු ලැබුවා. ඉරාන බලධාරීන් ඇමරිකාව අවබෝධතා ගිවිසුම (MoU) උල්ලංඝනය කළ බවට චෝදනා කළද, ගිවිසුම අවසන් වී ඇති බව සහ එහි කිසිදු වගන්තියක් තවදුරටත් ක්‍රියාත්මක නොකරන බව නිල වශයෙන් ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙයයි.
දකුණු ඉරානයේ සන්නිවේදනය අඩාලවේ - අමරිකානු ප්‍රහාරවලින් කුළුණු අක්‍රීයයි

අමරිකානු ප්‍රහාරවලින් දකුණු ඉරනයේ සන්නිවේදන කටයුතු අඩාලවී තිබෙනවා. ඇමරිකාව විසින් ඊයේ (18) රාත්‍රියේ එල්ල කළ ප්‍රහාර හේතුවෙන් බන්ඩර් අබ්බාස් (Bandar Abbas) සහ හජියාබාද් (Hajiabad) ප්‍රදේශවල සන්නිවේදන සේවාවන් අඩාලවී ඇති බව ඉරානයේ හෝර්මොස්ගාන් (Hormozgan) පළාතේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ප්‍රධානියා පවසනවා. ඉරාන ටස්නිම් (Tasnim) පුවත් සේවය වාර්තා කළේ, මෙම ප්‍රහාරවලින් සන්නිවේදන කුළුණු 116 ක් අක්‍රීය වී ඇති අතර, එම ප්‍රදේශවල ස්ථාවර දුරකථන, ජංගම දුරකථන සහ අන්තර්ජාල සේවාවන්හිද බාධා ඇතිවී තිබෙන බවයි. මේ අතර, ඉරානයේ කුසෙස්තාන් (Khuzestan) පළාතේ ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය ආණ්ඩුකාර වලියොල්ලා හයාති (Valiollah Hayati) ප්‍රකාශ කළේ, පසුගිය දින 10 තුළ ඇමරිකාව එම පළාතේ ස්ථාන 95 කට අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කර ඇති බවයි. මෙම ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් අවම වශයෙන් 8 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා සඳහන් කරනවා.
ඉරානයේ IRGC වෙතින් කලාපයට දැඩි අනතුරු ඇඟවීමක්

තම රටට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකානු හමුදාවන්ට පහසුකම් සපයන රටවලට ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC), දැඩි අනතුරු ඇඟවීමක් සිදු කරනවා. IRGC පවසන්නේ, එවැනි රටවල් "ඊට සරිලන ප්‍රතිචාරයකට" සූදානම් විය යුතු බවයි. එමෙන්ම, එම රටවල සිවිල් ආරක්ෂක ඒකකය සක්‍රීය කර, ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ගෙන යන ලෙසද ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ඉල්ලා සිටිනවා. මේ අතර ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ඩ්‍රෝන සහ මිසයිල භාවිතා කර කුවේටයේ අරිෆ්ජාන් (Arifjan) හි පිහිටි ඇමරිකානු හමුදා ලොජිස්ටික් මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එහි සිටි හමුදා සාමාජිකයන්ට හානි සිදුවි ඇති බවත් ඉරානයේ Tasnim පුවත් සේවය වාර්තා කොට තිබෙනවා. එමෙන්ම, කුවේටයේ අලි අල් සලෙම් (Ali Al Salem) ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කළ බව IRGC සඳහන් කරනවා. ගුවන් කඳවුරේ රේඩාර් පද්ධති අක්‍රීය කළ බවත්, අවි නඩත්තු අංගනයක් සහ ඩ්‍රෝන පහසුකම් විනාශ කළ බවත් IRGC පවසනවා.
හත්වැනි රාත්‍රියටත් ඉරානයට ප්‍රහාර - යටිතල පහසුකම් - අවි ගබඩා හනියට

ඉරානයට එරෙහිව අඛණ්ඩව හත්වැනි රාත්‍රියටත් ප්‍රහාර එල්ල කරමින් හමුදා සැපයුම් යටිතල පහසුකම් අතුළු ඉලක්ක රැසකට ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) නිවේදනය කරනවා. එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) X සමාජ මාධ්‍යය ඔස්සේ නිකුත් කළ නිවේදනයක සඳහන් කළේ, නිරීක්ෂණ මධ්‍යස්ථාන, හමුදා සැපයුම් යටිතල පහසුකම්, භූගත අවි ගබඩා සහ නාවික පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි. CENTCOM අනුව, ඇමරිකානු ප්‍රහාර පැය කිහිපයක් පුරා පැවැති අතර, මෙම මෙහෙයුම් සඳහා ප්‍රහාරක ගුවන් යානා, ඩ්‍රෝන යානා, යුද නෞකා සහ අනෙකුත් හමුදා සම්පත් භාවිත කළ බවද සඳහන්. ඉරානයේ මධ්‍යම ප්‍රදේශයේ යස්ද් නගරයෙන් සහ කේෂ්ම් දූපත මෙන්ම බන්දාර් අබ්බාස් වරාය අවට ප්‍රදේශවලින්ද පිපිරීම් හඬ ඇසුණු බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ජෝර්දානයේ ස්ථානගත කර තිබූ අමරිකානු ප්‍රහාරක යානාවලට ඉරානයෙන් ප්‍රහාර

ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් ජෝර්දානයේ ස්ථානගත කර තිබූ එක්සත් ජනපද ප්‍රහාරක යානා ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරනවා. කෙසේ වෙතත්, මීට පෙර ජෝර්දාන හමුදාව නිවේදනය කළේ එල්ල වූ ඉරාන මිසයිල තුනක් තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් වෙඩි තබා බිම හෙළූ බවයි. මේ අතර ඔමානයේ ගනිම් (Ghanim) ප්‍රදේශයේ පිහිටි එක්සත් ජනපද ගුවන් පාලන රේඩාර් පද්ධතියක් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පිහිටි ඇමරිකානු සමුද්‍ර නිරීක්ෂණ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඉරානයේ IRGC පවසනවා. IRGC නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙය ඉරානය ක්‍රියාත්මක කරමින් සිටින ප්‍රතිප්‍රහාර මාලාවේ 13 වැනි අදියර වන අතර, එම මෙහෙයුම “දැඩි අධිෂ්ඨානයෙන් අඛණ්ඩව ඉදිරියට යන බවයි". එමෙන්ම, හෝර්මුස් සමුද්‍ර සන්ධිය තවදුරටත් IRGC නාවික බලකායේ පූර්ණ පාලනය යටතේ පවතින බවද එම නිවේදනය කරනවා.
ඉරානයට අඛණ්ඩව 6 වන රාත්‍රියටත් ප්‍රහාර - ඉරානයේ යටිතල පහසුකම්වලටත් ප්‍රහාර

එක්සත් ජනපද හමුදාව ඉරානයේ ඉලක්ක වෙත ඊයේ (17) 6 වන රාත්‍රියටත් ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජනපද මධ්‍යම හමුදා අණදෙන මූලස්ථානය (CENTCOM) පවසනවා. අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා, ඩ්‍රෝන යානා සහ යුද නෞකා යොදා ගෙන ඉරානයේ වෙරළ නිරීක්ෂණ මධ්‍යස්ථාන, ගුවන් ආරක්ෂක පද්ධති, සැපයුම් යටිතල පහසුකම් සහ නාවික පහසුකම් ඇතුළු හමුදා ඉලක්ක රැසකට ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජනපද මධ්‍යම හමුදා අණදෙන මූලස්ථානය සඳහන් කරනවා. ගිනිකොණ දිග ඉරානයේ චාබහාර් (Chabahar) වරායේ පිහිටි නාවික පාලන කුළුණ අද (17) දිනයේ තුන්වන වරටත් ඉලක්ක වූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා. සමාජ මාධ්‍ය සහ ඉරාන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ඡායාරූප අනුව එම පාලන කුළුණ සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත. මෙම නාවික පාලන කුළුණ වරායට පැමිණෙන සහ පිටවන නෞකා ආරක්ෂිතව මඟ පෙන්වීම, වරාය ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සහ සෙවීමේ හා ගලවා ගැනීමේ (Search and Rescue) මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීම සඳහා ඉතා වැදගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද මධ්‍යම හමුදා අණදෙන කාර්යාලය (CENTCOM) ප්‍රකාශ කළේ, ඉරානයේ හමුදා ශක්තිය තවදුරටත් දුර්වල කිරීමේ අරමුණින් මෙම ප්‍රහාර මාලාව දියත් කළ බවයි. කෙසේ වෙතත් ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ප්‍රහාර හේතුවෙන් සිවිල් යටිතල පහසුකම් රැසකටද හානි සිදුව ඇති බවයි. පාලම්, දුම්රිය ස්ථානයක් සහ ගුවන් තොටුපොළක් ප්‍රහාර වල ඉලක්කය වු බව එම වාර්තාවල සඳහන්.
සටන් විරාම කාලසීමාවේ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ 38ක් මියගිහින්

සටන් විරාම කාලසීමාව තුළ දී අමෙරිකාව විසින් සිදුකළ ප්‍රහාරවලින් පුද්ගලයින් 38දෙනෙකු මියගොස් ඇති බව ඉරානය පවසයි.
එහිදි පුද්ගලයින් 400දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය ජුනි මස 22වනදා ස්විස්ටර්ලන්තයෙදී දින 60ක යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා සදහා දෙපාර්ශවයම හමුවීමෙන් පසු අමෙරිකාව විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව සදහන් වේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය නාවික ගමනාගමනය සඳහා වසා දමා ඇති බැවින් මේ වන විට දෙපාර්ශ්වයේම සටන් විරාම ගිවිසුම් බිඳ වැටී තිබේ.
මේ අතර උතුරු ඉරාකයේ එර්බිල් නගරයට ඉහළින් අමෙරිකාව විසින් එල්ල කරන ලද ඩ්‍රෝන යාන 08ක් වෙඩි තබා බිම හෙළා ඇත.
එහිදි කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජෝර්දානයේ ස්ථානගත කර තිබූ අමරිකානු ප්‍රහාරක යානාවලට ඉරානයෙන් ප්‍රහාර

ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් ජෝර්දානයේ ස්ථානගත කර තිබූ එක්සත් ජනපද ප්‍රහාරක යානා ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරනවා. කෙසේ වෙතත්, මීට පෙර ජෝර්දාන හමුදාව නිවේදනය කළේ එල්ල වූ ඉරාන මිසයිල තුනක් තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් වෙඩි තබා බිම හෙළූ බවයි. මේ අතර ඔමානයේ ගනිම් (Ghanim) ප්‍රදේශයේ පිහිටි එක්සත් ජනපද ගුවන් පාලන රේඩාර් පද්ධතියක් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පිහිටි ඇමරිකානු සමුද්‍ර නිරීක්ෂණ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඉරානයේ IRGC පවසනවා. IRGC නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙය ඉරානය ක්‍රියාත්මක කරමින් සිටින ප්‍රතිප්‍රහාර මාලාවේ 13 වැනි අදියර වන අතර, එම මෙහෙයුම “දැඩි අධිෂ්ඨානයෙන් අඛණ්ඩව ඉදිරියට යන බවයි". එමෙන්ම, හෝර්මුස් සමුද්‍ර සන්ධිය තවදුරටත් IRGC නාවික බලකායේ පූර්ණ පාලනය යටතේ පවතින බවද එම නිවේදනය කරනවා.
ඉරානයේ පිළිකා රෝහලක් අසලටම අමරිකානු ප්‍රහාර - රෝගීන් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කෙරේ

ඇමරිකානු ගුවන් ප්‍රහාර හේතුවෙන් දකුණු ඉරානයේ අහ්වාස් (Ahvaz) නගරයට පිහිටි බඝාඊ විශේෂිත රෝහලේ (Baghaei Specialized Hospital) රෝගීන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට සිදුවු බව ඉරාන බලධාරීන් පවසනවා. අමරිකානු ප්‍රහාර හමුවේ බඝාඊ විශේෂිත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 211 දෙනෙකු කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට සිදුවුණා. මෙලෙස ඉවත් කළ රෝගීන් අතර පිළිකා රෝගීන් ඇතුළු බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටි පිරිසක්ද සිටින බව සඳහන්. රෝහල් අධ්‍යක්ෂ රේසා බසාර් ප්‍රකාශ කළේ, ප්‍රහාර හේතුවෙන් රෝහලේ සාමාන්‍ය සේවා පවත්වාගෙන යාමට නොහැකි වූ බවයි. රෝහල් සේවකයෙකු විදෙස් මාධ්‍යවෙත මෙලෙස ප්‍රකාශ කළා.... "රෝහල අවට ප්‍රදේශයට දැඩි බෝම්බ ප්‍රහාර එල්ල වුණා... ඔක්සිජන් සහ වෙන්ටිලේටර් මත සිටි රෝගීන් පවා හදිසියේම ඉවත් කිරීමට සිදු වුණා.... සමහරුන් දරුවන් වඩාගෙන, තවත් සමහරුන් රෝද පුටුවල සිටියදීම රෝහලෙන් පිටතට ගෙන ගියා." මේ අතර, ඉරානයේ විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බඝාඊ මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් එය "ම්ලේච්ඡ ප්‍රහාරයක්" බව කියා සිටියා. ඔහු සිය X (පෙර Twitter) ගිණුමේ සටහනක් තබමින්.. "මෙම ප්‍රහාරය සෞඛ්‍ය සේවා ආයතනවලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් මීට පෙර එල්ල වූ චෝදනා සිහිපත් කරන බවත්, රසායනික ප්‍රතිකාර (Chemotherapy) ලබමින් සිටි රෝගීන් 211 දෙනෙකු හදිසියේ ඉවත් කිරීමට සිදු වූ බවත්ය".
මෙම චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජනපදය විසින් මේ දක්වා නිල ප්‍රතිචාරයක් නිකුත් කර නොමැත.
කලාපයේ යටිතල පහසුකම් අනතුරේ - ඉරානයෙන් ඇමරිකාවට දැඩි අනතුරු ඇඟවීමක්

ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත්, මැදපෙරදිග කලාපය පුරා පවතින සියලුම ඇමරිකානු යටිතල පහසුකම්වලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරාන හමුදාව අනතුරු අඟවනවා. ඉරාන හමුදා ප්‍රකාශක එබ්‍රාහිම් සොල්ෆගාරි නිකුත් කළ ප්‍රකාශයක සඳහන් කළේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට කළ තර්ජන කර ඇති බවත් එය ක්‍රියාත්මක කළහොත්, මෙතෙක් ඉරානයේ සංයමය හේතුවෙන් ආරක්ෂා වී ඇති කලාපීය යටිතල පහසුකම් දැඩි ප්‍රහාරවලට ලක්විය හැකි බවයි. එමෙන්ම, හෝර්මුස් සමුද්‍ර සන්ධියට ඇමරිකාවට කිසිදු ආකාරයකින් මැදිහත් වීමට ඉඩ නොදෙන බවද සොල්ෆගාරි අවදාරනය කර ඇත. මේ අතර,පසුගියදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරානය නැවත සාකච්ඡා සඳහා නොපැමිණියහොත් ඉරනයේ විදුලි බලාගාර සහ පාලම් ඇතුළු යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි.
හෝර්මුස් නාවික ගමනා ගමනයට බදා වන ඉරාන ඉලක්ක වෙත අමරිකානු ප්‍රහර

ඉරානයේ ඉලක්ක වෙත එල්ල කළ නවතම ගුවන් ප්‍රහාර මාලාව සාර්ථකව අවසන් කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානය් (CENTCOM) නිවේදනය කරනවා. ඊයේ (15) ඉරානයේ ඉලක්ක කිහිපයක් වෙත එල්ල කළ නවතම ප්‍රහාර මාලාව සාර්ථක එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානය පවසනවා. එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානයට (CENTCOM) අනුව, ඉරානයේ හමුදා අණදෙන මධ්‍යස්ථාන, ගුවන් ආරක්ෂක පද්ධති, මිසයිල හා ඩ්‍රෝන පහසුකම් මෙන්ම වෙරළ නිරීක්ෂණ පහසුකම් ඉලක්ක කරමින් මෙම ප්‍රහාර එල්ල කර ඇත. මෙම මෙහෙයුමේ අරමුණ වූයේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන නාවික ගමනාගමනයට තර්ජනයක් එල්ල කිරීමේ ඉරානයේ හැකියාව දුර්වල කිරීම බවද CENTCOM සඳහන් කළා. එමෙන්ම, බන්දාර් අබ්බාස් (Bandar Abbas) ඇතුළු ස්ථාන කිහිපයක පිහිටි ඉලක්ක වෙතද ප්‍රහාර එල්ල කළ බව CENTCOM නිවේදනය කළා. ඊයේ (15) දිනයේ මිනිත්තු 90 ක් පුරා පැවති තවත් මෙහෙයුමකදී ග්‍රේටර් ටන්බ් (Greater Tunb) දූපතේ පිහිටි වෙරළාරක්ෂක සහ කෲස් මිසයිල ස්ථානගත කොට තිබු ස්ථාන කිහිපයකටද ප්‍රහාර එල්ල කළ බව CENTCOM වැඩිදුරටත් සඳහන් කළා.
පසුගිය දින කිහපය තුල අමරිකාව ඉරනයේ ප්‍රදේශ රැසකට ප්‍රහාර එලල කරනු ලබුවා.
පසුගිය සතිය තුළ එක්සත් ජනපද හමුදාව ඉරානය පුරා ගුවන් ප්‍රහාර සිය ගණනක් එල්ල කර ඇති අතර, එම ප්‍රහාරවලින් අවම වශයෙන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 300 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව ඉරාන සෞඛ්‍ය බලධාරීන් පවසනවා. එක්සත් ජනපදය පවසන්නේ, යළිත් ක්‍රියාත්මක කළ නාවික අවහිර කිරීමේ (Naval Blockade) පියවර සමඟ, ඉරානයේ දකුණු වෙරළ තීරයේ සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආසන්නයේ පිහිටි හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවයි.
ඉරානයෙන් කුවේට්, බහරේන් සහ ජෝර්දානයේ ඇමරිකානු කඳවුරුවලට මිසයිල ප්‍රහාර මාලාවක්

ඉරාන හමුදාව විසින් කුවේටයේ පිහිටි අලි අල් සලෙම් ගුවන් කඳවුර, බහරේනයේ ෂෙයික් ඊසා කඳවුර සහ ජෝර්දානයේ අස්‍රක් ගුවන් කඳවුරේ ඇති ඇමරිකානු හමුදා රේඩාර්, සන්නිවේදන සහ ගුවන් ආරක්ෂක පද්ධති ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
ඉරානය ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රහාර ඔවුන්ගේ බම්පූර් බැරැක්කයට එල්ල වූ ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස සිදු කළ බවයි.
මේ අතර, තමන් වෙත පැමිණි ඉරාන මිසයිල අටක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට තම හමුදාව සමත් වූ බව ජෝර්දාන හමුදාව තහවුරු කර තිබෙනවා.
කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
“ඔබට කිසිවක් ඉතිරි නොවනු ඇත”- ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

ලබන සතිය වන විට සාකච්ඡා සඳහා නැවත පැමිණීමට ඉරානය
කටයුතු නොකළහොත් එරට පාලම් සහ විදුලි බලාගාරවලට ප්‍රහාර
එල්ල කරන බවට ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කරමින්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා .
ඇමෙරිකාව සහ ඉරානය අතර සිව්වන දිනටත් ප්‍රහාර හා ප්‍රතිප්‍රහාර
සිදුවන අවස්ථාවක ෆොක්ස් නිව්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවකට
එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයට මෙම අන්තුරු
ඇඟවිම සිදු කළා.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන භාණ්ඩ ප්‍රවාහන නෞකා
සඳහා 20% ගාස්තුවක් පනවන බවටතර්ජනය කළද පසුව ඉරාන
වරායන් අවහිර කිරිම නැවත ආරම්භ කර තිබෙනවා.
“ලබන සතියේ ඔවුන්ට තත්ත්වය ඉතා දරුණු වේවි.... ඔවුන් සාකච්ඡා
මේසයට නොඑන්නේ නම්.. අපි ඔවුන්ගේ සියලුම විදුලි බලාගාර අක්‍රීය
කරනවා.... ඔවුන්ගේ පාලම්ද විනාශ කරනවා, යනුවෙන් ට්‍රම්ප් ප්‍රකාශ
කළා.
“බලශක්ති ඉලක්ක අවසානයට තබා ගන්නවා... නමුත් අවසානයේදී
ඒවාටත් ප්‍රහාර එල්ල කරනවා,” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් ෆොක්ස්
වැඩසටහනේදී පැවසුවා.
ඔහු සඳහන් කළේ, ඇමෙරිකානු සාකච්ඡාකරුවන් අඟහරුවාදා (14)
සවස ඉරාන නියෝජිතයන්ට පණිවිඩයක් ලබා දී ඇති බවත්, “ගිවිසුමකට
පැමිණෙන්න, නැතිනම් ඔබට කිසිවක් ඉතිරි නොවේ” යනුවෙන් දැනුම්
දී ඇති බවත්ය.
මීට පෙර පසුගිය අප්‍රේල් මාසයේදීද ඉරානයේ පාලම් සහ විදුලි බලාගාර
ඇතුළු සිවිල් යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව ට්‍රම්ප්
ජනාධිපතිවරයාඅනතුරු අඟවනු ලැබුවා.
එම අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක්
පවසා සිටියේ “සිවිල් ජනතාව සහ සිවිල් යටිතල පහසුකම් හිතාමතා ඉලක්ක
කිරීම ජාත්‍යන්තර නීතිය යටතේ යුද අපරාධයක් විය හැකි” බවයි.
බහරේනයේ ඇමෙරිකානු නාවික කඳවුරට ප්‍රහාරයක් - ප්‍රධාන ඉලක්ක විනාශ කළා IRGC

බහරේනයේ පිහිටි ඇමෙරිකානු නාවික හමුදාවේ 5 වන නාවික බලඇණියේ
(US Fifth Fleet) කඳවුරේ ඉලක්ක කිහිපයකට සාර්ථක ප්‍රහාරයක් එල්ල
කර විනාශ කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC)
පවසනවා.
අද (15) උදෑසන ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC)
ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ ඇමෙරිකානු ක්‍රියාමාර්ගවලට එරෙහි "දැඩි
ප්‍රතිචාරයක්" ලෙස මෙම ප්‍රහාර දියත් කළ බවයි.
මෙම ප්‍රහාරවලින් ඇමෙරිකානු නාවික හමුදාවේ 5 වන නාවික බලඇණියේ
(US Fifth Fleet) විධාන හා පාලන මධ්‍යස්ථානය,නාවික සහාය කළමනාකරණ
මධ්‍යස්ථානය, ගබඩා සංකීර්ණ සහ ඉන්ධන ගබඩා විනාශ කළ බව IRGC
නිවේදනය කරනවා.
ඉරානයේ හමුදා ඉලක්ක රැසකට ප්‍රහාර - හෝර්මුස් සමුද්‍ර සන්ධිය උණුසුම් වෙයි

හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ සහ ඉරානයේ වෙරළබඩ ප්‍රදේශවල පිහිටි
හමුදා ඉලක්ක රැසකට ප්‍රහාර එල්ල කොට තිබෙනවා.
ඊයේ (14) රාත්‍රියේ සිට පැය 7 ක් පුරා මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ බවත්
ඉරානයට එරෙහිව තවත් ගුවන් හා නාවික ප්‍රහාර මාලාවක් සාර්ථකව අවසන්
කළ බවට්ත් එක්සත් ජනපද මධ්‍යම අණදෙන මුලස්ථානය (CENTCOM) සඳහන්
කරනවා.
ප්‍රහාරක යානා, ඩ්‍රෝන යානා සහ නාවික යාත්‍රා යොදාගෙන ඉරානයේ මිසයිල හා
ඩ්‍රෝන මධ්‍යස්ථාන, නාවික පහ්සුකම් සහ වෙරළාරක්ෂක ආරක්ෂක පද්ධති ඉලක්ක
කර නිවැරදිව ප්‍රහාර එල්ල කළ බව මධ්‍යම අණදෙන මුලස්ථානය (CENTCOM)
පවසනවා.
මෙම ප්‍රහාරවල අරමුණ වූයේ, වාණිජ නෞකා සහ සිවිල් නාවික කාර්ය මණ්ඩලයට
තර්ජනයක් එල්ල කිරීමේ ඉරානයේ හැකියාව තවදුරටත් දුර්වල කිරීම බව
එක්සත් ජනපද මධ්‍යම අණදෙන මුලස්ථානය (CENTCOM) සඳහන් කළා.
එමෙන්ම, ඊයේ දිනම ඉරාන වරායන් වෙත ගමන් කරන හෝ එහි සිට පිටවන නෞකා
සම්බන්ධයෙන් නාවික අවහිර කිරීමේ (Naval Blockade) මෙහෙයුම් නැවත ආරම්භ
කළ බවද එක්සත් ජනපද මධ්‍යම අණදෙන මුලස්ථානය නිවේදනය කළා.
අමෙරිකාවට ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

අමෙරිකා විසින් එල්ල කරනු ලබන ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත්, පවතින ගැටුම් "නව මානයකට යොමු වන" බවට ඉරාන සන්නද්ධ හමුදාවේ ප්‍රකාශක මොහොමඩ් අක්‍රමිනියා දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, "අමෙරිකාවේ ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් තවදුරටත් සිදුවුවහොත්, මෙම යුද්ධය නව සටන් පෙරමුණු කරා පුළුල් කිරීමට ඉරානය පියවර ගන්නා" බවයි.
ඉරාන සන්නද්ධ හමුදාව සතු සැබෑ ශක්තිය සහ හැකියාවන්ගෙන් විශාල කොටසක් මෙතෙක් ලෝකයට ප්‍රදර්ශනය කර නොමැති බව ද ඔහු සිය නිවේදයේ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
"ඉරානයට එරෙහිව එල්ල වන ඕනෑම සතුරු ක්‍රියාවක් හමුවේ අප ලබා දෙන ප්‍රතිචාරය පවතින තත්ත්වයට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතිනු ඇත. එය සතුරාගේ අපේක්ෂාවන් ඉක්මවා යනවා පමණක් නොව, ගැටුම් සඳහා නව කලාපයන් විවෘත කිරීමට ද හේතු වනු ඇතැයි" ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපය තුළ පවතින යුදමය නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් උග්‍ර වීමේ අවදානමක් මතුව ඇත.
නෙතන්යාහුගෙන් ඉරානයට රතු එළියක් - ප්‍රහාර එල්ල කළොත් ප්‍රබල ප්‍රතිචාරයක්

ඉරානය නැවතත් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළහොත්, ඊට දැඩි හා ප්‍රබල ප්‍රතිචාරයක් දක්වන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරනවා. සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු කියා සිටියේ, "ඉරානයේ නායකයන්ට මම පැහැදිලිව කියනවා... ඔබ අපට ප්‍රහාර එල්ල කළහොත්, මෙතෙක් පැවති නිහඬ තත්ත්වය දිගටම පවතිනු ඇතැයි බලාපොරොත්තු නොවන්න." යනුවෙනි. "අපට ප්‍රහාර එල්ල කළත් අපි ප්‍රතිප්‍රහාර නොදක්වන යුගය දැන් අවසන්... මෙතැන් සිට අපට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට තීරණාත්මක හා ප්‍රබල ප්‍රතිප්‍රහාරයකින් පිළිතුරු දෙනවා." යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබෙනවා. මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර අවධානය යළිත් ඉහළ ගොස් තිබෙනවා.
ගල්ෆ් කලාපයේ ගුවන් ගමන් අවදානම් - මිසයිල හා ඩ්‍රෝන ගැන EASA අනතුරු ඇඟවීමක්

බහරේන්, කුවේට්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සහ ගල්ෆ් ඔමාන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිත ගුවන් කලාපය හරහා ගුවන් ගමන් සිදු නොකරන ලෙස යුරෝපීය ගුවන් ආරක්ෂක ඒජන්සිය (EASA) ගුවන් සේවා සමාගම් වෙත අනතුරු අඟවයි. කලාපයේ පවතින අනපේක්ෂිත යුධමය තත්ත්වය, මිසයිල, ඩ්‍රෝන යානා, ප්‍රහාරක ගුවන් යානා සහ ගුවන් ආරක්ෂක පද්ධති භාවිතා වීමේ අවදානම හේතුවෙන්, එම ගුවන් කලාපය තුළ සියලු උස මට්ටම්වල සිවිල් ගුවන් ගමන් සඳහා දැඩි අවදානමක් පවතින බව යුරෝපීය ගුවන් ආරක්ෂක ඒජන්සිය පවසයි. මීට පෙරද EASA විසින් ඉරානය, ඉරාකය සහ ලෙබනනය යන රටවල ගුවන් කලාපය හරහා ගුවන් ගමන් නොකරන ලෙස ගුවන් සේවා සමාගම් වෙත උපදෙස් ලබාදී තිබුණි. මෙම ආරක්ෂක උපදෙස් හේතුවෙන් මැද පෙරදිග කලාපය හරහා ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ගුවන් ගමන්වල මාර්ග වෙනස්වීම් සහ ප්‍රමාදයන් ඇති විය හැකි බවට අපේක්ෂා කෙරේ.
ඇමරිකාවේ පස්වන නාවික බලඇණි මූලස්ථානයට IRGC ප්‍රහාරයක්

බහරේනයේ පිහිටි ඇමරිකානු නාවික හමුදාවේ පස්වන නාවික බලඇණි (US Fifth Fleet) මූලස්ථානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කරනවා. මෙම ප්‍රහාරවලින් හමුදා කඳවුරේ ඉන්ධන ගබඩා කිහිපයක ගිනි හටගෙන ඇති අතර, Patriot ගුවන් ආරක්ෂක රේඩාර් පද්ධතියක්, ගුවන් පාලන රේඩාර් පද්ධතිය, C-RAM පූර්ව අනතුරු ඇඟවීමේ රේඩාර් පද්ධතිය සහ මිනිසුන් රහිත මුහුදු යාත්‍රා පාලන මධ්‍යස්ථානය විනාශ කළ බවද IRGC සංවිධානය ප්‍රකාශ කළා. තවද, "මෙම ප්‍රතිප්‍රහාර මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වන බව IRGC සඳහන් කරනවා. මේ අතර ජෝර්දානයේ අමරිකානු ගුවන් කඳවුරට බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව IRGC පවසනවා.
සෞදි අරාබියේ අභා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට හූති ප්‍රහාරයක්

සෞදි අරාබියේ අභා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉලක්ක කර
බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ
සහාය ලබන යේමනයේ හූති සංවිධානය පවසනවා.
හූති පාර්ශ්වය සඳහන් කළේ, සානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට
එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය සිදු කළ බවයි.
සෞදි ගුවන් අවකාශය භාවිත කිරීමෙන් වළකින ලෙස හූති සංවිධානය
සියලුම ගුවන් සමාගම්වලට අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.
මේ අතර, සානා ගුවන් තොටුපොළට එල්ල කළ ප්‍රහාරය තමන් විසින් සිදු
කළ බව යේමනයේ රජය ප්‍රකාශ කර ඇත.
තුන්වන දිනටත් අමෙරිකාවෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාර

ඉරානයට එරෙහිව දියත් කළ නවතම ප්‍රහාර මාලාව සාර්ථකව අවසන් කළ බව අමෙරිකානු හමුදාව පවසයි.
අඛණ්ඩව තුන්වන දිනටත් එල්ල කළ ප්‍රහාරවලින් පසුව, බුෂෙහ්ර්, චා බහාර්, ජාස්ක්, කොනාරක්, අබු මූසා සහ බන්ඩර් අබ්බාස් යන ප්‍රදේශවල පිහිටි ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටී.
අමෙරිකානු හමුදාව සඳහන් කර සිටින්නේ වාණිජ නැව් ගමනාගමනයට ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට ඇති හැකියාව තවදුරටත් දුර්වල කිරීම මෙම ප්‍රහාරවල අරමුණ වන බවය.
මේ වන විට මැදපෙරදිග කලාපය පුරා 50,000කට අධික අමෙරිකානු සේවා නිලධාරීන් පිරිසක් යොදවා සිටින බව ද සඳහන්.
UAE තෙල් ප්‍රවාහන නැව් දෙකකට ඉරානයෙන් ප්‍රහාර

හෝමුස් සමුද්‍ර සන්ධියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් තෙල් ප්‍රවාහන නැව් දෙකකට ඉරාන කෲස් මිසයිල ප්‍රහාර එල්ල වීමෙන් ඉන්දීය ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
තුවාල ලැබූ අටදෙනාගෙන් හතරදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බවත් ඉන් හයදෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර දෙදෙනෙකු යුක්රේන ජාතිකයින් වන බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහන් කර සිටී.
එරට ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මොම්බාසා සහ අල් බහියා යන නැව් දෙක ඕමාන් මුහුදු සීමාවේ පවතින හෝමූස් සමුද්‍ර සන්ධියේ දකුණු මංතීරුවේ ගමන් කරමින් සිටියදී මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවය.
මියගිය කාර්ය මණ්ඩල සාමාජිකයා මොම්බාසා නැවේ සිටි අයෙකු බව ද සඳහන්.
මෙම ප්‍රහාරය හේතුවෙන් නැව් දෙකෙහිම ගින්නක් හටගෙන ඇති අතර, ඉන් නැව්වලට දැඩිව හානි සිදුව ඇත.
කෙසේවෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙය "නිර්ලජ්ජිත ප්‍රහාරයක්" ලෙස හෙළා දැක ඇති අතර මෙම තත්ත්වයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ සම්පූර්ණ අයිතිය තමා සතු බව ද පවසා ඇත.
ඕනෑම තර්ජනයකට මුහුණ දීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පූර්ණ සූදානමකින් පසුවන බවත්, රටේ ආරක්ෂාව අස්ථාවර කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැඩිදුරටත් සඳහන් කර සිටී.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය අපි පාලනයට ගන්නවා – ට්‍රම්ප්ගෙන් දැඩි ප්‍රකාශයක්

එක්සත් ජනපදය සමඟ ඇති කරගත් එකඟතාවක් ඉරානය විසින් උල්ලංඝනය
කළ බව පවසන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝර්මුස් සමුද්‍ර සන්ධිය
“බොහෝ විට පාලනයට ගන්නා” බව ප්‍රකාශන් කරනවා.
ෆොක්ස් නිව්ස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව
ප්‍රකාශ කොට තිබෙනවා.
ඇමරිකානු ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත.....
“අපි සමුද්‍ර සන්ධිය පාලනයට ගන්නවා... ඔවුන්ට කිසිවක් නැහැ” යනුවෙනි.
ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකානු මධ්‍යම හමුදා අණදෙන ඒකකය (CENTCOM)
විසින් සිදුකළ ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ, ඇමරිකාව
ඉරානයට “දැඩි පහරක්” එල්ල කළ බවයි.
“ඔවුන්ගේ බොහෝ දේ විනාශ වී තිබෙනවා... ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධතිත්
විනාශ වී තිබෙනවා” යැයි පවසා තිබෙනවා.
මේ අතර, ඉරාන තානාපති කාර්යාලය සඳහන් කළේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය
හරහා ගමන් කිරීම සඳහා තාවකාලික ආරක්ෂිත මුහුදු මාර්ගයක් ස්ථාපිත කර
ඇති බවයි.
එහෙත් ඇමරිකානු හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන් එම ප්‍රදේශය “ඉහළ අවදානම් කලාපයක්”
බවට පත්ව ඇති බවයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ ප්‍රධාන තෙල් ප්‍රවාහන මාර්ගයක් වන අතර, එහි ඇතිවන
ඕනෑම අර්බුදයක් ගෝලීය බලශක්ති වෙළඳපොළට බලපෑම් ඇති කරනවා.
බ්‍රිතාන්‍යය තුල ඉරානයේ IRGC තහනම් කෙරේ - සහාය දුන්නොත් වසර 14 ක් හිරේට

ඉරානයේ ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක බලකාය ( Islamic Revolutionary Guard Corps - IRGC) සංවිධානය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සංවිධානයක් ලෙස නිල වශයෙන් නම් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු ලේකම් ෂබානා මහ්මුද් (Shabana Mahmood) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රකාශයකින් සඳහන් කළේ, නව නීති බලතල යටතේ IRGC සංවිධානයට සහාය දැක්වීම, එය ප්‍රසිද්ධියේ ප්‍රශංසා කිරීම, හෝ එහි ක්‍රියාකාරකම් සඳහා උදව් කිරීම ද බරපතළ අපරාධයක් වන අතර, ඒ සඳහා උපරිම වශයෙන් වසර 14ක සිර දඬුවමක් නියම කළ හැකි බවයි. මෙම නීතිය යටතේ තවත් සංවිධාන දෙකක් ද තහනම් කොට ඇති අතර එලෙස තහනමට ලක් කළ සංවිධාන වන්නේ Islamic Movement of Companions of the Right (IMCR) සහ රුසියාවේ හමුදා බුද්ධි අංශය වන GRU සමඟ සම්බන්ධ ස්වේච්ඡා කණ්ඩායමකි. නව නීති මඟින් බ්‍රිතාන්‍ය පොලීසියට සහ බුද්ධි අංශවලට විදේශීය ඔත්තු සේවා, රාජ්‍ය මැදිහත්වීම්, කඩාකප්පල්කාරී ක්‍රියා සහ ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා වැඩි බලතල හිමි වනු ඇත. බ්‍රිතාන්‍ය බලධාරීන් පවසන්නේ, IRGC සංවිධානය බ්‍රිතාන්‍යයේ යුදෙව් සහ ඊශ්‍රායල ප්‍රජාව ඉලක්ක කරගත් ප්‍රහාර කිහිපයක් මෙහෙයවා ඇති බවයි. ඒ අතර 2025 මාර්තු 23 වනදා ලන්ඩනයේ ගෝල්ඩර්ස් ග්‍රීන් (Golders Green) ප්‍රදේශයේ යුදෙව් හදිසි වෛද්‍ය සේවාවකට අයත් ගිලන් රථ හතරකට ගිනි තැබූ ප්‍රහාරය ද ඇතුළත් වන අතර, එම ප්‍රහාරයේ වගකීම IMCR සංවිධානය භාරගෙන තිබුණා. අග්‍රාමාත්‍ය සර් කීර් ස්ටාර්මර් (Sir Keir Starmer) ප්‍රකාශ කළේ, විදේශීය රාජ්‍යයන්ට බ්‍රිතාන්‍යය තුළ බිය, බෙදීම සහ ප්‍රචණ්ඩත්වය පතුරුවා හැරීමට කිසිදු ඉඩක් නොදෙන බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ..... “ඉරාන පාලනයට සහ එයට සම්බන්ධ පුද්ගලයන්ට මෙන්ම රුසියානු මෙහෙයුම් ජාලවලට එරෙහිව අප දැනටමත් දැඩි පියවර ගෙන තිබෙනවා... නව නීති මඟින් ඔවුන් වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ක්‍රියා කරන පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ඒම සහ සිරගත කිරීම තවත් පහසු වේ.” මෙම නීති පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුවහොත්, විදේශීය රාජ්‍යයක් වෙනුවෙන් ගිනි තැබීම, කඩාකප්පල්කාරී ක්‍රියා හෝ වෙනත් විනාශකාරී ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ට ජීවිතාන්ත සිර දඬුවම් ද නියම කළ හැකි වනු ඇත. නව නීති අනුව, මෙවැනි අපරාධ සම්බන්ධ නඩු පැවරීමේදී විදේශීය රාජ්‍යයන් සමඟ සෘජු සම්බන්ධතාවයක් සෑම අවස්ථාවකම වෙන වෙනම ඔප්පු කිරීමට අවශ්‍ය නොවන බැවින්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වඩාත් පහසු වනු ඇත. අභ්‍යන්තර කටයුතු ලේකම් ෂබානා මහ්මුද් පැවසුවේ..... “ඉරානය සහ රුසියාව තමන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය තුළ ප්‍රොක්සි කණ්ඩායම් සහ අපරාධකරුවන් භාවිතා කරනවා... ඔවුන් වෙනුවෙන් ක්‍රියා කරන අය හඳුනාගෙන නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා අප මෙම සංවිධාන තුනම ඉක්මනින් තහනම් කළා.” එසේම, MI-5 බ්‍රිතාන්‍ය බුද්ධි අංශය අනාවරණය කර ඇත්තේ පසුගිය වසර තුළ ඉරානයේ සහාය ලැබූ, බ්‍රිතාන්‍යයේ පුද්ගලයන් ඉලක්ක කරගත් මාරාන්තික ප්‍රහාර සැලසුම් 20 කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි. එම ක්‍රියාකාරකම්වල මධ්‍යස්ථානය ලෙස IRGC සංවිධානය ක්‍රියා කරන බවත්, විශේෂයෙන් යුදෙව් ප්‍රජාව සහ ඉරාන විරෝධීන් ඉලක්ක කර ඇති බවත් බ්‍රිතාන්‍ය රජය සඳහන් කරනවා.
ඛාමේනෙයි සහ ඝාතනය වූ සියලු පුරවැසියන්ට යුක්තිය ඉටු කරනවා - ඉරානය

ඝාතනයට ලක් වූ උත්තරීතර නායකයා සහ මියගිය සෑම පුරවැසියෙකු වෙනුවෙන්ම යුක්තිය ඉටු කරන බව ඉරානය යලිත් අවධාරණය කරනවා. ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බඝායී ප්‍රකාශ කළේ, ඝාතනයට ලක් වූ ඉරානයේ උත්තරීතර නායක අලි ඛාමේනෙයි සහ මියගිය සියලුම ඉරාන පුරවැසියන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බවයි. ටෙහෙරානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, "මෙය රජය දැඩිව අනුගමනය කරන මූලික ප්‍රතිපත්තියක් වන අතර, විදේශ අමාත්‍යාංශයද එම ක්‍රියාවලියේ කොටසක් ලෙස කටයුතු කරනවා" යනුවෙනි. එමෙන්ම, අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් සිදු කළ හා කරන ක්‍රියා සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිමය සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයන් සියල්ල භාවිත කර සාක්ෂි ලේඛනගත කර යුක්තිය ඉටු කර ගැනීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා. තවද, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය සම්බන්ධයෙන් ඕමානය සමඟ ඒකාබද්ධ ක්‍රියාකාරී යාන්ත්‍රණයක් පිහිටුවීමට ඉරානය උත්සාහ දරන නමුත්, අමෙරිකාවේ පීඩනය හේතුවෙන් එම සාකච්ඡා ප්‍රමාද වී ඇති බවද බඝායී සඳහන් කළා.
හෝමුස් හරහා යන නැව්වලින් සියයට 20ක ගාස්තුවක් අයකිරීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරාන වරායන් වෙත පනවා තිබූ නාවික අවහිරතා නැවතත් බලාත්මක කිරීමට අමෙරිකාව පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.
තම නිල Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව තහවුරු කළේය.
ජනාධිපති ට්‍රම්ප් තැබූ සම්පූර්ණ සටහන පහතින් දැක්වේ:
"හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතිනවා, එය ඉරානය සිටියත් නැතත් දිගටම විවෘතව පවතිනු ඇත. අපි 'ඉරාන නාවික අවහිරතාව' නැවතත් බලාත්මක කරනවා. මෙයට මෙම නම යෙදුවේ ඉරාන නැව් හෝ ඔවුන්ගේ පාරිභෝගිකයන්ට පමණක් ඇතුළු වීම සහ පිටවීම වළක්වන බැවිනි. අනෙකුත් සියලුම රටවලට සමුද්‍ර සන්ධිය සාධාරණ ලෙස සහ විවෘතව භාවිත කිරීමට අවස්ථාව හිමිවනු ඇත.
මෙතැන් සිට අමෙරිකා එක්සත් ජනපදය, 'හෝමුස් සමුද්‍ර සන්ධියේ භාරකරු' ලෙස හඳුන්වනු ලබනවා. නමුත් සාධාරණත්වය උදෙසා, ලෝකයේ මෙම අතිශය නොසන්සුන් කලාපයට ආරක්ෂාව සැපයීමේ කාර්යය සඳහා වැය වන සියලුම පිරිවැය වෙනුවෙන්, එම මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන සියලුම භාණ්ඩ සඳහා 20% ක අනුපාතයකින් අපට මුදල් ප්‍රතිපූරණය කළ යුතුයි. මේ සඳහා වන ක්‍රියාවලිය සහ ව්‍යුහය සැකසීම වහාම ආරම්භ කෙරේ."
ජනාධිපතිවරයාගේ මෙම නව ප්‍රකාශයත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා භාණ්ඩ හා ඛනිජ තෙල් ප්‍රවාහනය කරන සෙසු ධනවත් රටවලින් 20% ක ආරක්ෂක බද්දක් අය කර ගැනීමට අමෙරිකාව සූදානම් වන බව පැහැදිලි වන අතර, මෙය ගෝලීය වෙළෙඳපොළට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති.
ජෝර්දානයේ ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරානය තහවුරු කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ප්‍රහාරයෙන් එරට ඉන්ධන ගබඩාවක සහ පතොරම් ගබඩා කිහිපයක ගින්නක් ද හටගෙන ඇති බවය.
නිවේදනයක් නිකුත් කරමින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කළේ, මෙම ප්‍රහාරය ඉරාන වෙරළබඩ හමුදා කඳවුරු වෙත අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමේ පළමු අදියර වන බවය.
මේ අතර අමෙරිකාව සහ ඉරාන හමුදා අතර දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මේ හේතුවෙන්, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සහ තවත් දින 60ක සාකච්ඡාවලින් පසුව යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් පසුගිය මාසයේදී අත්සන් කරන ලද අමෙරිකා-ඉරාන අතුරු ගිවිසුම පිළිබඳව තවදුරටත් සැක මතු වී තිබේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයේ පාලනය තමන් සතු කර ගැනීමට ඉරානය උත්සාහ කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගතව ඇති බවය.
අමෙරිකාවෙන් ඉරානයේ මිලිටරි සහ සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර

ඉරානය සතු මිලිටරි සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් අමෙරිකානු ආරක්ෂක බලකායන් විසින් එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාර මාලාවක් හේතුවෙන්, දෙරට අතර පැවැති තාවකාලික සටන් විරාමය බිඳ වැටී යළිත් මහා පරිමාණ යුද්ධයක් ආරම්භ වීමේ දැඩි අවදානමක් මතුව ඇත.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා ඇති කරගත් සටන් විරාම ගිවිසුම "අවසන්" බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම ගුවන් සහ මිසයිල ප්‍රහාර මාලාව දියත් කර තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ජාත්‍යන්තර වාණිජ නැව්වලට ඉරානය විසින් ප්‍රහාර එල්ල කළ බවට චෝදනා කරමින් අමෙරිකානු මධ්‍යම බලඇණිය (CENTCOM) විසින් මෙම ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.
අමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කරන්නේ ඉරාන වෙරළ තීරයේ පිහිටි ගුවන් ආරක්ෂණ පද්ධති, මිසයිල ගබඩා සහ නාවික කඳවුරු ඇතුළු මිලිටරි ඉලක්ක 90කට අධික සංඛ්‍යාවක් විනාශ කළ බවය.
කෙසේ වෙතත්, ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාර හුදු මිලිටරි ඉලක්කවලට පමණක් සීමා නොවූ බවය.
බුෂෙහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර කලාපය, බන්ඩර් අබ්බාස් (Bandar Abbas) වරාය නගරය මෙන්ම සිවිල් ජනතාව ගැවසෙන ප්‍රදේශ සහ පාසල් ආශ්‍රිතව ද ප්‍රහාරයන්හි බලපෑම හේතුවෙන් දැවැන්ත පිපිරීම් සිදුව ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරත් සමඟ ඉරානය ද නිහඬව නොසිටි අතර, ඔවුන් බහරේනය සහ කුවේටය වැනි කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සහ මිත්‍ර රටවල් ඉලක්ක කරගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත.
මේ හේතුවෙන් සමස්ත මැදපෙරදිග කලාපයම යළිත් දැඩි යුද උණුසුමකට පත්ව ඇති අතර, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ද සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ.
තවත් නෞකාවට ප්‍රහාර එල්ල කළ බව ඉරානය කියයි

හෝමුස් සමුද්‍ර සන්ධියේදී දෙවන නෞකාවටත් (offending vessel) ප්‍රහාර එල්ල කර එය නතර කිරීමට තමන් පියවර ගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) ප්‍රකාශ කර තිබේ.
ඇමරිකානු - ඊශ්‍රායල "ආක්‍රමණශීලී" ක්‍රියාවන් තවදුරටත් ඉදිරියට ගියහොත්, ඊට වඩා "විනාශකාරී" ප්‍රතිචාරයන් එල්ල වන බවට ද ඔවුන් අනතුරු අඟවා ඇත.
මෙය වාර්තා වන්නේ, සයිප්‍රස් රාජ්‍යයේ ධජය සහිත නෞකාවකට IRGC බලකාය විසින් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව, ඉරානය විසින් යළිත් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමූ පසුබිමකයි.
ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය නැවතත් වසා දමයි

හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කළ නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, තමන් ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් දියත් කළ බව ඇමරිකාව පවසයි.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) ප්‍රකාශ කරන්නේ නැවත දැනුම් දෙන තුරු මෙම මුහුදු මාර්ගය වසා දැමූ බවයි.
රාජ්‍ය මාධ්‍යවලට අනුව, අදාළ නෞකාව එහි පද්ධති අක්‍රිය කර අනුමත මාර්ගයෙන් බැහැරව ගමන් කිරීම නිසා ඊට ප්‍රහාර එල්ල කර තිබේ.
සයිප්‍රස් රාජ්‍යයේ ධජය සහිත නෞකාවකට IRGC බලකාය විසින් "ප්‍රසිද්ධියේම ප්‍රහාර එල්ල කිරීමෙන්" පසුව, තමන් "මෙම සතිය තුළ එල්ල කළ තුන්වන ප්‍රහාර මාලාව" ක්‍රියාත්මක කළ බව ඇමරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය (Centcom) පවසයි.
මෙම සතිය මුලදී වාණිජ ටැංකි නෞකා තුනකට ප්‍රහාර එල්ල වීමේ සිදුවීම්වලින් පසුව, ඇමරිකාව සහ ඉරානය අතර අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රහාර හුවමාරු කර ගැනීම් මෙලෙස වර්ධනය වී ඇත.
අලි කාමේනෙයිගේ ඝාතනයට පළිගැනීම අනිවාර්යයි - මොජ්ටබාගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

තම පියාගේ මෙන්ම මෑතදී ඇති වූ යුද්ධ දෙකේදී ජීවිතක්ෂයට
පත් වූ සියලු දෙනාගේ මරණයට පළිගැනීම අනිවාර්යයෙන්ම සිදුවන
බව ඉරානයේ අභාවප්‍රාප්ත උත්තරීතර නායක අලි කාමේනෙයිගේ
පුත්‍රයා වන මොජ්ටබා කාමේනෙයි අවදාරනය කරනවා.
ඉරානයේ හිටපු උත්තරීතර නායකයා වූ තම පියාගේ අවමංගල්‍ය
උත්සවයෙන් පසු ප්‍රථම වරට මහජනතාව අමතමින් නව උත්තරීතර
නායක මොජ්ටබා කාමෙනෙයි ප්‍රකාශ කළේ, "ඔබගේ පිරිසිදු ලේ
වෙනුවෙන් මෙන්ම මෙම යුද්ධ දෙකේදී දිවි පිදූ සියලුම ශහීද්වරුන්ගේ
ලේ වෙනුවෙන් අපි පළිගැනීමට ප්‍රතිඥා දෙමු... එය සමස්ත ඉරාන
ජනතාවගේ අධිෂ්ඨානයයි." යනුවෙනි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තම පියාගේ අවමංගල්‍යයට මිලියන
ගණනක් ජනතාව සහභාගී වූයේ "සතුරාගේ අභිලාෂයන් බිඳ දැමූ
ඓතිහාසික ජනතා එකමුතුවක්" ලෙස බවයි.
එම පළිගැනීම ඉරාන ජනතාවගේ ඉල්ලීමක් බවත්, එය අනිවාර්යයෙන්ම
ක්‍රියාත්මක වනු ඇති බවත් ඔහු අවධාරණය කළා.
තවද, "මෙම අපරාධවලට වගකිව යුතු පුද්ගලයන්ට තම ඇඳ මත
සාමකාමීව මිය යාමේ බලාපොරොත්තුව පවා අහිමි වනු ඇත,"
යනුවෙන් ද ඔහු ප්‍රකාශ කොට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තමන් හෝ වෙනත් රාජ්‍ය නිලධාරීන් තනතුරුවල සිටියත් නැතත්, එම
පළිගැනීම සිදු වන බවත්, "ලොව පුරා සිටින නිදහස අපේක්ෂා කරන
පුද්ගලයන් මෙම දිව්‍යමය මෙහෙවරේ කොටසක් ඉතා ඉක්මනින් ඉටු
කරනු ඇත," යනුවෙන් ද ඔහු සඳහන් කොට ඇත.
මෙම පණිවිඩය ජූලි 9 දින යොමු කර තිබූ අතර එය මහජනතාව වෙත
නිකුත් කරනු ලැබුවේ සෙනසුරාදා (07/10) දිනයේදීය.
ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් - මිසයිල 1,000 ක් සූදානම්

තමන් ඝාතනය කිරීමට ඉරානය උත්සාහ කළහොත් ඉරානයට එරෙහිව දැවැන්ත
ප්‍රහාරයක් එල්ල කරන බවට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා.
ඉරානයේ මෙම තර්ජනයට ප්‍රතිචාර දක්වමින් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ පළ කළ සටහනක මෙසේ සඳහනිව ඇත...
" එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපතිවරයා වන තමාව ඝාතනය කිරීමට හෝ
එවැනි උත්සාහයක් ගැනීමට ඉරානය ක්‍රියා කළහොත්, ඉරානය ඉලක්ක කර මිසයිල
1,000 ක් දැනටමත් සූදානම් කර තිබෙනවා.... අවශ්‍ය නම් ඒවාට අමතරව තවත්
දහස් ගණනක් වහාම ප්‍රහාරයට එක් කරනවා."
"අදාළ නියෝග දැනටමත් ලබාදී තිබෙනවා... එක්සත් ජනපද හමුදාව වසරක කාලයක්
සඳහා, අවශ්‍ය නම් එම කාලය දීර්ඝ කරමින්, ඉරානයේ සියලු ප්‍රදේශ සම්පූර්ණයෙන්ම
විනාශ කිරීමට සූදානමින්.. කැමැත්තෙන් සහ හැකියාවෙන් සිටිනවා."
ඔහු සිය පණිවිඩය අවසන් කළේ "Praise be to Allah!" යන වදනින්.
මෙම ප්‍රකාශය ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇති අතර,
එක්සත් ජනපදය සහ ඉරානය අතර වර්ධනය වෙමින් පවතින තවදුරටත් උත්සන්න
කළ හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
ඉරානයේ සියලු ප්‍රදේශ විනාශ කරන බවට, ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

තමා ඝාතනය කිරීමට ඉරානය උත්සාහ කළහොත් අමෙරිකානු හමුදා ඉරානයේ සියලු ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ කරනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ට්‍රම්ප් විසින් ඔහුගේ 'Truth Social' ගිණුමෙහි තබන ලද සටහනකින් මේ බව අවධාරණය කර ඇත.
මීට පෙර ඉරානය ඉලක්ක කර ගනිමින් ඇමරිකාව විසින් දින කිහිපයක් තිස්සේ ගුවන් ප්‍රහාර එල්ල කර තිබූ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද මැදපෙරදිග පුරා පිහිටි විවිධ රටවල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර තිබුණි.
ඒ අනුව "ඉරාන රජය ඔවුන්ගේ තර්ජන ක්‍රියාත්මක කළහොත්, මිසයිල 1000ක් සූදානම් කර ඉරාන ඉස්ලාමීය ජනරජය වෙත ඉලක්ක කර ඇති අතර, තවත් දහස් ගණනක් වහාම ක්‍රියාත්මක වනු ඇත" යනුවෙන් ට්‍රම්ප් සටහන් කර තිබේ.
ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඇමරිකානු මිලිටරිය විසින් "ඉරානයේ සියලුම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ කරනු ඇති" බවයි.