
මුහුදේ ගසාගෙන ගිය තම මව, සහෝදරයා සහ සහෝදරිය බේරාගැනීමට උදව් ඉල්ලා ගැනීමට පැය හතරකට වැඩි වෙලාවක් මුහුදේ පිහිනා ගොඩට පැමිණි 13 හැවිරිදි ඔස්ට්‍රේලියාවේ දරුවෙකු සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය සති අන්තයේදී මේ සිදුවීම වාර්තා වූ බවයි සඳහන්.
ඔස්ටින් ඇපල්බී නම් දරුවා 13 හැවිරිදි වියේ පසු වුණා.
ඔහු සිය මව, බාල සහෝදරයා සහ සහෝදරිය සමග ඉකුත් සිකුරාදා දහවල් ජියෝග්රැපී බොක්ක ආශ්රිත වෙරළේ විනෝදය පිණිස බෝට්ටු පැදීමට ගොස් තිබුණා.
එම අවස්ථාවේදී අනපේක්ෂිත ලෙස මුහුදේ සුළං රළු වී ඇති බවයි පැවසෙන්නේ.
එහිදී ඔවුන් ක්‍රමයෙන් මුහුද දෙසට ගසා ගෙන ගොස් ඇති අතර උපකාර ලබා ගැනීමට අවස්ථාවක් හෝ ලැබී නෑ.
එවැනි වාතාවරණයක් සිට පැය කිහිපයකට පසුව, සිය මව, සහෝදරයා සහ සහෝදරිය බේරාගැනීමට මේ වීර දරුවා කිලෝමීටර 4කට ආසන්න දුරක් පිහිනා ගොඩබිම වෙත පැමිණ තිබෙනවා.
පැය 2ක පමණ කාලයක් සිය ආරක්ෂිත කබාය සහිතව පිහිනමින් සිටි දරුවා, පසුව කබාය ගලවා දමා පිහිනූ බවයි පවසා ඇත්තේ.
එසේ අනාරක්ෂිත ගමනකින් පසු ගොඩබිමට පැමිණි ඔහු බෑගයෙන් සිය මවගේ දුරකථනය ගෙන හදිසි ඇමතුම් අංක අමතා උදව් ඉල්ලා ඇති බවයි වාර්තා කර තිබෙන්නේ.
එහිදී වහා ක්‍රියාත්මක මුදා ගැනීමේ පිරිස් කිහිපයක් බෝට්ටු සහ හෙලිකොප්ටරයක් ආධාරයෙන් මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
පසුව ගොඩබිම සිට කිලෝ මීටර 14ක් පමණ ඈත මුහුදේ රැඳී සිටි මව සහ දරු දෙදෙනා මුදාගෙන තිබුණා.
එවිට වෙලාව රාත්‍රී 8.30ට පමණ බවයි සඳහන්.
අනතුරුව ගොඩබිමට පැමිණි දරුවාද රෝහල් ගත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.
මේ අනුව මෙකී වීර ක්‍රියාව සිදු කළ කුඩා දරුවෙක් වූ ඔස්ටින්ව 'superhuman' කෙනෙක් ලෙසයි ලෝකයම හඳුන්වන්නේ.