
1990 සුව සැරිය හදිසි ගිලන්රථ සේවය අක්‍රිය වන බවට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වාර්තා එහි කළමනාකාරිත්වය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
සුව සැරිය සභාපතිවරයා ඇතුළු පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටින්නේ, අදාළ සමාජ මාධ්‍ය සටහන් "සම්පූර්ණයෙන්ම අසත්‍ය" සහ මහජනතාව ''නොමඟ යවන සුළු ඒවා'' වන බවයි.
සුව සැරිය ගිලන්රථ සේවාව දිවයින පුරා සම්පූර්ණයෙන්ම සක්‍රියව පවතින අතර, වෙනදාටත් වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් යුතුව සුපුරුදු පරිදි සිය සේවාවන් සපයන බව ද එම නිවේදනයෙන් පෙන්වා දෙයි.
එමෙන්ම සුව සැරිය හදිසි ගිලන්රථ සේවාව ඉදිරියටත් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක වන බවට ද කළමනාකාරිත්වය මහජනතාව වෙත වැඩිදුරටත් සහතික වෙයි.
