
දකුණු ස්පාඤ්ඤයේ සිදුවූ අධිවේගී දුම්රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
අනතුරින් 75 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.
අනතුර සිදුව ඇත්තේ, දුම්රියක් පීලි පැන ඉදිරියෙන් පැමිණි තවත් දුම්රියක ගැටීමෙනි.
විදෙස් වාර්තාවන්ට අනුව පීලි පැන ගිය දුම්රියේ මගීන් 300 ක් පමණ සිටි බවත්, අනෙක් දුම්රියේ මගීන් 100 ක් පමණ සිටි බවත් සඳහන්.
දුම්රිය මාර්ගය ඉකුත් මැයි මාසයේදී ප්‍රතිසංස්කරණය කරන ලද බැවින්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.