
ස්පාඤ්ඤයේ සිදුවූ අධිවේගී දුම්රිය අනතුරින් මියගිය ගණන 39 දක්වා ඉහළ ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
අනතුරින් තවත් පුද්ගලයින් 122 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 12 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ පසුවන බව සඳහන්.
අනතුර සිදුව තිබුණේ, මැඩ්රිඩ් බලා ධාවනය වූ දුම්රියක් පීලි පැන තවත් දුම්රියක ගැටීම හේතුවෙනි.
විදෙස් වාර්තාවන්ට අනුව පීලි පැන ගිය දුම්රියේ මගීන් 300 ක් පමණ සිටි බවත්, අනෙක් දුම්රියේ මගීන් 100 ක් පමණ සිටි බවත් සඳහන්.
2013 වසරෙන් පසු එරටින් වාර්තා වූ දරුණුතම දුම්රිය අනතුර වන්නේ මෙයයි.