
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව, වයඹ පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කය සඳහා අදාල වන පරිදියි.
එම පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ''අවදානය යොමු කළ යුතු'' මට්ටමක පැවතිය හැකි බව එම නිවේදනයේ සඳහන්.