
සෞදි අරාබියේ ප්‍රධාන තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට (Ras Tanura) ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී තිබේ.
සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළ ඩ්‍රෝන යානා දෙක විනාශ කර ඇත.
කෙසේ නමුත් ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට ගත් උත්සහයේදී සුන්බුන් විසිරීමත් සමඟ පිරිපහදු මධ්‍යස්ථානයේ ගින්නක් හටගෙන තිබේ.
පවතින තත්ත්වය හමුවේ, 'සවුදි ඇරම්කෝ' (Saudi Aramco) සමාගම සිය Ras Tanura තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දමා ඇති බව සඳහන්.
මෙම ප්‍රහාරය වාර්තා වන්නේ, ගෝලීය තෙල් වෙළඳපොළට දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින මොහොතකය.
Ras Tanura යනු සවුදි අරාබියේ ප්‍රධානතම තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් වන බැවින් මෙහි මෙහෙයුම් අත්හිටුවීම කලාපයේ බලශක්ති යටිතල පහසුකම් කෙරෙහි දැඩි තර්ජනයක් එල්ල කරනු ඇති.
දිනෙන් දින පුළුල් වන ඉරාන ගැටුම ලෝකයේ දෛනික තෙල් ප්රවාහයෙන් 20% ක් පමණ හසුරුවන මාර්ගය වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව්ගත කිරීම අඩාල කර ඇති බැවින් බොරතෙල් මිල වසර හතරකට පසු ඉහළ වැඩිවීමක් වාර්තා කර ඇත.
ඉරානය නිල වශයෙන් මෙම මාර්ගය වසා දමා නැතත්, ආරක්ෂක හේතූන් මත බොහෝ නැව් හිමියන් සිය ප්‍රවාහන කටයුතු අත්හිටුවා තිබීම නිසා තෙල් සැපයුම සීමා වී තිබේ.