
කුවේට් වෙරළට ඔබ්බෙන් වූ ඇමරිකානු හිමිකාරීත්වයෙන් යුත් තෙල් ප්‍රවාහන නෞකාවකට තමන් ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන සන්නද්ධ හමුදා පවසනවා.
එය මේ වන විට ගිනි ගනිමින් පවතින බවයි ඉරාන රාජ්‍ය ගුවන් විදුලිය වාර්තා කරන්නේ.
මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත්තේ ඉරාන සන්නද්ධ හමුදාවන්ගේ යුද සමයේ මෙහෙයුම් අණදෙන මධ්‍යස්ථානය ලෙස කටයුතු කරන 'ඛාතම් අල්-අන්බියා' (Khatam al-Anbiya) මධ්‍යම මූලස්ථානය උපුටා දක්වමින්.