
ඊශ්‍රායලය, ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් වෙත "අතිරේක පුළුල් ප්‍රහාරයක්" (Additional Broad Strike) ආරම්භ කර ඇති බව ඊශ්‍රායල හමුදාව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
මෙම මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ඉරාන රජයට (Iranian Government) අයත් මධ්‍යස්ථාන බව පැවසේ.
ඒ අනුව ටෙහෙරාන් අගනුවර ප්‍රදේශ කිහිපයකින්ම මේ වන විට ඉතා ප්‍රබල පිපිරීම් හඬවල් ඇසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ උත්තරීතර නායක කමේනිගේ ඝාතනයෙන් පසු ඊශ්‍රායලය සිය "Operation The Roar of the Lion" මෙහෙයුම යටතේ එල්ල කරන දරුණුතම ප්‍රහාරය මෙය ලෙස සැලකේ.