
අමෙරිකානු ජාතිකයින්ගේ මරණවලට වගකිව යුතු පිරිස් හඹා ගොස් මරා දමන බවට අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
"අපි මේ යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් ජනාධිපති ට්‍රම්ප් යටතේ, අපි එය අවසන් කරනවා,"
පීට් හෙග්සෙත් මේ බව සඳහන් කර සිටියේ, ට්‍රම්ප් ඉරානයට මාරාන්තික ප්‍රහාර එල්ල කිරීමට නියෝග කිරීමෙන් දින කිහිපයකට පසුව පැවති මාධ්‍ය හමුවකදීයි.
ඔහු සිය කතාවේදී ඉරානයේ ආරක්ෂක හමුදා අමතමින්, ඔවුන්ගේ ඊළඟ පියවර ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු බවට ද අනතුරු ඇඟවීය.
එමෙන්ම ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවි ලබා ගැනීමට ඉඩ නොතබන බවත්, ඉරානය සිය සාම්ප්‍රදායික මිලිටරි බලය ගොඩනගන්නේ ඔවුන්ගේ න්‍යෂ්ටික අභිලාෂයන් ආරක්ෂා කර ගැනීමට "ආරක්ෂක පලිහක්" ලෙස බවත් හෙග්සෙත් සඳහන් කරයි.
දැනට ක්‍රියාත්මක වන "ඔපරේෂන් එපික් ෆියුරි" (Operation Epic Fury) මෙහෙයුම හරහා ඉරාන මිසයිල, මිසයිල නිෂ්පාදන මධ්‍යස්ථාන, නාවික සම්පත් සහ අනෙකුත් ආරක්ෂක යටිතල පහසුකම් විනාශ කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
හෙග්සෙත් පෙන්වා දෙන්නේ, ඔබාමා පාලන සමයේ 2015 දී ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුම "අසාර්ථක ගනුදෙනුවක්" බවයි.