
බන්ධනාගාරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා සමග සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැමිණ තිබේ.
ජනාධිපති ලේකම්වරයාගෙන් පිළිතුරක් ලැබෙන තුරු උන්වහන්සේලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල තවදුරටත් රැඳී සිටියි.