
වැලිබල් ෆිනෑන්ස් ශ්‍රී ලාංකීය විශ්වාසවන්ත ප්රමුඛ සන්නාමය සිය අභිමානවත් 85වන ශාඛාව අංක 78, කුරුණෑගල පාර, රඹුක්කන යන ස්ථානයේදී විවෘත කරන ලදී.
නව රඹුක්කන ශාඛාව විවෘත කිරීමේ අවස්ථාව වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රොහාන් තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් විශාල පිරිසක් ද එම අවස්ථාවට සහභාගී විය.
මෙම අවස්ථාවෙන් අනතුරුව රොහාන් තෙන්නකෝන් මහතා පවසා සිටියේ "රඹුක්කන සහ අසල්වැසි ප්‍රදේශවල ව්‍යාපාරික අවශ්‍යතා සපුරාලීමට මෙම නව ශාඛාවෙන් ඉතා උසස් තත්වයේ සේවාවක් ලබාදීමට සුදානම් බවයි.
මෙම නව ශාඛාව තුළින් රඹුක්කන ප්‍රදේශයේ කර්මාන්ත, සේවා හා ව්‍යාපාර ආදී අංශවලට අත්‍යවශ්‍ය මුල්‍යමය සහය, නවීන සේවා සහ උසස් මට්ටමේ පාරිභෝගික සත්කාරයක් ලබාදීම වැලිබල් ෆිනෑන්ස්හි අරමුණයි.