
ශ්‍රී ලංකාවේ ජල නල හා උපාංග සහ විදුලි උපාංග සැපයුම්කරුවන් ලෙස ක්ෂේත්රයේ දිගුකාලීන විශ්වාසයක් ගොඩනගා ගත් Delmege Building Products සමාගම, උසස් ගුණාත්මකභාවයෙන් යුත් නිෂ්පාදන සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවන් හරහා කර්මාන්තයේ ප්‍රමුඛත්වය තවදුරටත් ශක්තිමත් කරමින් සිටී.
වසර 175කට වැඩි ඉතිහාසයකින් සමන්විත Delmege සන්නාමය, ජල නල හා උපාංග සහ විදුලි උපාංග සැපයුම්කරුවන් ලෙස ක්ෂේත්රයේ වසර 40කට වැඩි පළපුරුද්දක් සමඟ ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක විශ්වාසයට පාත්‍ර වූ නාමයක් බවට පත්ව ඇත.
විදුලි කාර්මිකයන්, ජල නල කාර්මිකයන් සහ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු වෘත්තීයවේදීන් අතර ද මෙම සන්නාමය විශාල පිළිගැනීමක් ලබා ඇත.
Delmege Building Products සතුව පුළුල් නිෂ්පාදන පරාසයක් පවතී.
Water heaters, Water geysers, CPVC නල සහ Dux නල, නවතම ජල පොම්ප මෙන්ම LED බල්බ, switchgear, විදුලි උපකරණ සහ විවිධ විදුලි පංකා වර්ග ඇතුළු නිෂ්පාදන රැසක් ඒ අතරට ඇතුළත්.
මෙම සියලු නිෂ්පාදන ආරක්ෂාව, විශ්වසනීයතාව සහ දිගුකාලීන භාවිතය සැලකිල්ලට ගනිමින් නිර්මාණය කර ඇත.
රටපුරා විහිදුණු ශක්තිමත් වෙළෙඳ සහ බෙදාහැරීම් ජාලයක් හරහා Delmege නිෂ්පාදන පහසුවෙන් ලබාගත හැකියි.
වෙළෙඳුන් සහ බෙදාහැරීම්කරුවන් සමඟ දිගුකාලීන සබඳතා පවත්වාගෙන යාම මෙම සමාගමේ විශේෂත්වයක්.
පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරන Delmege, අලෙවියෙන් පසු සේවාවන්, නිවසටම පැමිණ අලුත්වැඩියා සහ තාක්ෂණික සහාය ලබාදීම මඟින් පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට කටයුතු කර ඇත.
එමෙන්ම, ආරක්ෂිත ජල පරිහරණය සහ සුරක්ෂිත ජීවිතය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් “Safe Water Makes Safe People” යන තේමාව යටතේ 2026 ලෝක ජල දිනය ද සමාගම විසින් සමරා ඇත.
කර්මාන්තයේ වෘත්තීයවේදීන්ගේ දක්ෂතා වර්ධනය කිරීමේ අරමුණින් Delmege විසින් විදුලි කාර්මිකයන් සඳහා පුහුණු වැඩසටහන් සංවිධානය කරමින් සිටී.
ඉදිරියේදී එම වැඩසටහන් සඳහා ජල නල කාර්මිකයන් ද ඇතුළත් කරමින් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
දෛනික ජීවිතයේ වැදගත් භූමිකාවක් ඉටු කරන Delmege නිෂ්පාදන, නිවැරදි ජල ප්‍රවාහය, විදුලි ආරක්ෂාව සහ දෛනික පහසුව සහතික කරමින් පාරිභෝගිකයන්ට සුවපහසු සහ ආරක්ෂිත ජීවිතයක් ගත කිරීමට දායක වී ඇත.
Delmege Building Products නිෂ්පාදන දිවයින පුරා වෙළෙන්දන් මාර්ගයෙන් ලබාගත හැකි අතර, කොළඹ 10, විනයාලංකාර මාවතෙහි පිහිටි මූලස්ථානය හරහා ද සෘජුව සම්බන්ධ විය හැකියි.