
2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ අද (08) පැවැත්වෙන ඉන්දු - නවසීලන්ත කණ්ඩායම් අතර අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 255ක් රැස් කළා.
ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී යාමෙන්.
එහිදී ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ සංජු සැම්සන් ලකුණු 89ක්ද, අභිෂේක් ෂර්මා ලකුණු 52ක්ද, ඉෂාන් කිෂාන් ලකුණු 54ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් ජේම්ස් නීෂම් කඩුළු 03ක්ද, රචින් රවීන්ද්‍ර, මැට් හෙන්රි එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.