දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය තව දුරටත් පවතින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා. අද (18) පස්වරුවේ කුරුණෑගල වාරියපොළ සහ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට දැඩි සුළං තත්ත්වයක් බලපා තිබෙනවා. මෙම තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස සියයකට (100) ආසන්න සංඛ්‍යාවකට අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බවයි ආපදා කල්පනා කරන මධ්‍යස්ථානය පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව පවසනවා. . ඒ අනුව සබරගමුව,මධ්‍යම, ඌව, උතුරු- මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික කද සුළං වලින් සහ
අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා
ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දිවයින වටා වන මුහුදු ප්රදේශවලද තැනින් තැන වැසි හෝ සිගුරුම් සහිත වැසි
ඇතිවේ.
සුළං නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැයට කිලෝ
මීටර් (20-30) පමණ වනවා.
ගාල්ල සිට මාතර හරහා හම්බන්න්කොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ
වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 45 පමණ දක්වා ඉහළ යා හැක.
ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ
විටින් විට මඳ වශයෙන් රළු වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතනු ඇත.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං
ඇති විය හැකි අතර එවිට මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.