උතුරේ ගොවියන්ගේ වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම පිණිස ගොවීන්ට වායු රයිෆල් ලබා දෙන ලෙස උතුරේ ගොවි සංවිධාන උතුරු පළාත් සභාවෙන් ඉල්ලීමක් කොට තිබේ. වායු රයිෆල් වල මිල ගණන් ඉතා ඉහල ගොස් ඇති බැවින් ගොවීන්ට සහන මිලකට ඒවා ලබා දීමේ ක්රමයක් සකස් කරණ ලෙසද උතුරු පළාත් සභාවට යොමු කළ ලිපියේ සදහන් වෙයි. උතුරේ ගොවීන්ගේ කුඹුරු මෙන්ම වෙනත් අතිරේක ආහාර භෝගද පලතුරු වගාවන්ද වන සතුගේ ග්රහණයට හසු වීම නිසා ඒවා විනාශ වන බව පෙන්වා දෙන උතුරේ ගොවි සංවිධාන එම සතුන් පලවා හැරීමේ නිසි ක්රමවේදයක් නොමැති නිසා වගාවන් ආරක්ෂා කර ගැනීම සදහා වායු රයිෆල් ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. මෙම ඉල්ලීමට මේ දක්වාම උතුරු පළාත් සභාවෙන් ප්රතිචාරයක් ලැබී නොමැත.