
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් USS CANBERRA (LCS 30) නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (12) උදෑසන කොළඹ වරායට සේන්දු වුණ. නෞකාව වරායට ළඟා වූ අවස්ථාවේදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එය පිළිගැනීමේ උත්සවය පවත්වණු ලැබුවා. USS CANBERRA (LCS 30) නෞකාව Littoral Combat Ship (LCS) වර්ගයට අයත් නවීන යුද නෞකාවක් වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් ජේ. මැක්ලව්ග්ලින් (J. McLaughlin) කටයුතු කරනු ලබනවා. මෙම නෞකා සංචාරය ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින නාවික සහයෝගීතාව හා මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ. නෞකාව කොළඹ වරායේ රැඳී සිටින කාලය තුළ සැපයුම් ලබාගැනීම සහ අනෙකුත් සේවා අවශ්‍යතා සපුරා ගනු ඇත.