
අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිතා කර වංචනික පුද්ගලයින් විසින් සිදුකරනු ලබන මුල්‍ය වංචාවන් සම්බන්ධව පැමිණිලි වාර්තා වන බව පොලිසිය පවසනවා. දැනමත් මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශන සිදුකර අවස්ථා ගණනාවකදී සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුටට ගෙන තිබෙනවා. පරිගණක හෝ ජංගම දුරකථන යොදා ගෙන අන්තර්ජාලය මගින් පොලිස් නිලධාරින්ගේ ඡායාරූප දැක්වෙන, ව්‍යාජ ලෙස සකස් කරන ලද WhatsApp ගිණුම්, Telegram ගිණුම් ආදිය භාවිතා කරමින් පුද්ගලයින් රවටා සිදුකරන මුල්‍ය වංචාවන් ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රියාවන්වල මේ වන විට වර්ධනයක් සිදුට ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය පවසනවා. මෙවැනි වංචනික ක්‍රියාවන් සිදු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් වලට හසු නොවන ලෙසට පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.
මෙම තත්ත්වය මත ඔබගේ පුද්ගලික හා මූල්‍ය තොරතුරු වල ආරක්ෂාව
සම්බන්ධයෙන් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කල යුතු වනවා.
> කිසිඳු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් දුරකථන ඇමතුමකින් හෝ WhatsApp
හෝ සමාජ මාධ්‍ය ජාලා හරහා ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය, බැංකු ගිණුම්
විස්තර, කාඩ්පත් අංක, CVV අංකය, මුරපද හෝ OTP අංක ඉල්ලා නොසිටින අතර
එවැනි තොරතුරු ඉල්ලා සිටින සියලුම ඇමතුම් සහ පණිවිඩ වංචනික ඒවා බව
සලකන්න.
ඔබේ ගිණුම අවධානමේ, කාඩ්පත අවහිර වී ඇත, නඩු දමනවා, යනුවෙන් පවසා බිය ගන්වා මුදල් මාරු කිරීමට කරන බලපෑම් වලට හසු නොවන්න. ඔබ නොදන්නා ගිණුම්කට හෝ පුද්ගලයෙකුට මුදල් මාරු කිරීමට පෙර, ඔබගේ බැංකුවේ නිල දුරකථන අංකය ඔස්සේ කතා කර තහවුරු කරගන්න. ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුව කිසි විටෙකත් පෞද්ගලික WhatsApp අංක හරහා විමර්ශන සිදු නොකරන අතර, බැංකු ගිණුම් අංක ලබා දී මුදල් තැන්පත් කරන ලෙස ඉල්ලා නොසිටී. නිල දැනුම්දීමක් සඳහා ලිඛිතව ලිපියක් එවනු ලබන අතර, අවශ්‍ය විටෙක නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් පැමිණේ. රාජ්‍ය ආයතන වල ලාංඡන, නිලධාරීන්ගේ නම් සහ අත්සන් යොදා WhatsApp හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාලා හරහා මගින් එවනු ලබන ලියකියවිලි බොහෝ විට ව්‍යාජ ඒවා වන අතර එවැනි පණිවිඩයක් ලද වහාම ඔබගේ ප්‍රදේශයේ පොලිස් ස්ථානයට වහාම දැනුම් දෙන්න. කිසියම් සැකයක් ඇත්නම් අදාළ ආයතනයේ නිල වෙබ් අඩවියේ සඳහන් දුරකථන අංකය ඔස්සේ කතා කර සත්‍යතාවය තහවුරු කරගන්න. නොදන්නා පුද්ගලයින් හා සමාජ මාධ්‍ය ජාලා සමූහ මඟින් පල කරනු ලබන අන්තර්ජාල දිගු හා ස්කෑන් කේත භාවිතයෙන් වැළකීම. ශ්‍රී ලංකා පොලිසිය කිසිඳු විමර්ශනයක් සඳහා මහජනතාවගෙන් මුදල් අය කිරීමක් සිදු නොකරන අතර එවැනි වංචනික පුද්ගලයින් හෝ කණ්ඩායම් සම්බන්ධව මහජනතාවට පහත දුරකථන අංක ඔස්සේ පොලිසිය දැනුවත් කිරීමේ හැකියාව පවතී.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අධික්ෂණ නිලධාරීන් 071-8592918/ 071-8591765 පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය 011-2300756 තවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලිඛිතව පැමිණිලි කිරීමට හැකි බව පොලිස් මුලස්ථානය ජනතාවට දැනුම් දෙනවා.