
රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි 'පිල්ලෙයාන්' හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (2) නියෝග කළා.
'පිල්ලෙයාන්', ඉකුත් වසරේ අප්‍රේල් 8 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2004 සිට 2006 දක්වා උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් පැහැරගෙන යාම සහ ඔහු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි.
ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කරනු ලැබුවා.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ හිටපු අමාත්‍යවරයකු වූ නීතිඥ උදය ගම්මන්පිලය.