
චීනයේ (Suzhou) හි පැවැත්වෙන (Asia Rugby Men's Sevens Series) පළමු අදියරේ අර්ධ අවසාන පූර්ව වටයේ තරගයකදී ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 17-00ක් ලෙස පරාජයට පත් කිරීමට ජපාන කණ්ඩායම සමත් වුණා.
තරගය පුරා ප්රබල පීඩනයක් එල්ල කළ ජපාන ක්රීඩකයින් හමුවේ ශ්රී ලංකා පිලට කිසිදු ලකුණක් රැස් කිරීමට ඉඩ ලැබුණේ නැහැ.
ඒ අනුව මෙම පරාජයත් සමග ශ්රී ලංකාව තරගාවලියේ ඉදිරි වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාවෙන් ඉවත් වනවා.