
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයේදී මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් කාන්තා කණ්ඩායමට දඩයක් පනවා තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට තරග ගාස්තුවෙන් 5%ක දඩයක් නියම කර ඇති බවයි.
නියමිත කාලය තුළ එක් පන්දුවාරයක් අඩුවෙන් යවා තිබීම හේතුවෙන් මෙම චෝදනාව එල්ල වී තිබෙනවා.
එම චෝදනාව සම්බන්ධයෙන් බංග්ලාදේශ කණ්ඩායම වරද පිළිගෙන ඇති බවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කළා.