
සමාජ මාධ්‍ය තුළ කාන්තාවක් හිරිහැරයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ රබර් ව්‍යාපාරිකයෙකු ඇතුලු සැකකරුවන් තිදෙනකු
ලබන 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්
ඕෂද මිගාර මහාරච්චි මහතා අද(19) නියෝග කළා.
එසේම සැකකාර ව්‍යාපාරිකයා අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කර
මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුට
අවශ්‍ය නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙසත් බන්ධනාගාර අධිකාරිවරයාට
නියම කරනු ලැබුවා.
ළමා හා කාන්තා කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා සමග
පෙනී සිටි එම කාර්යාංශයේ නිලධාරිනියක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම
සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි පොලිස් නීති කොට්ඨාශයේ සහකාර අධ්යක්ෂ
නීතිඥ වසන්ත පිටිපනකුඹුර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන් යටතේ සේවය
කරන කාන්තාවකට මරණීය තර්ජන එල්ල කරමින් ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියට අදාලව
මෑතකදී සමාජ මාධ්‍ය තුළින් ආන්දෝලනයට තුඩු දුන් වීඩියෝ පටය සම්බන්ධයෙන් සිදුකළ
විමර්ශන වලින් අනතුරුව මෙම ව්‍යාපාරිකයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගත් බව
පැවසුවා.
මෙම සැකකරුවන් හික්කඩුව ප්‍රදේශයේ ලැඟුම් හලක සැඟවී සිටියදී ඊයේ (18) දින
අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළා.
මෙම සැකකරු අදාළ කාන්තාවගේ ඇඳුම් ඉවත් කරන ලෙස තර්ජනය කළ අතර
තමන්ට ඇඳුම් ඉවත් කළ නොහැකි බවට ඇය වැඳ වැටෙනු අදාළ වීඩියෝ දර්ශනය
තුළින් ගම්‍ය වන බවත් නීතිඥවරයා පැවසුවා.
මෙම අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු තවමත් අවසන් වී
නොමැති බවත් මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවොත් ඔහු ඉතා
ධනවත් පුද්ගලයකු බැවින් තමන් සතු ධනය වැය කරමින් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු
කිරීමට හැකියාව තිබෙන බවත් පෙන්වා දුන්නා.
ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන
ලෙසත් පොලිස් නීති කොට්ඨාශයේ සහකර අධ්යක්ෂවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකාර ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරද්වමින්
සිය සේවා දායකයා මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බවත් ඔහු මසකට වරක්
ජාතික මානසික රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා බවත් සඳහන් කළා.
තම සේවා දායකයා සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී
නැති නිසාත් මෙම සැකකරුවන් තුන්දෙනාම ඇප මත මුදා හරින ලෙස සැකකරුවන්
වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද
මිගාර මහාරච්චි මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ මෙම
අවස්ථාවේදී සැකකරුවන් ඇප මත මුදා හැරීමට හැකියාවක් නොමැති බවයි.
ඒ අනූව සැකකරුවන් ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ
මහේස්ත්‍රාත්වරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් පොලිසියට
නියම කළා.