ශ්‍රී ලංකාවේ පාරිභෝගික විශ්වාසය දිනාගත් සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, සිය ජනප්‍රිය 'ස්කෑන්' සන්නාමය යටතේ නවතම 'කසාවා චිප්ස්' වෙළඳපොළට හඳුන්වා දී තිබේ. මෙය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය දිරිමත් කිරීමේ අරමුණින් ගනු ලැබූ පියවරකි.
මෙම නව නිෂ්පාදනය හොට් ඇන්ඩ් ස්පයිසි, ලුණු සහිත (Salted), චීස් ඇන්ඩ් අනියන්, සහ අලුතින් එක් කළ කොච්චි යන රසයන්ගෙන් සමන්විත වේ. පාරිභෝගික පහසුව සඳහා 50g සහ 30g යන පැකැට්ටු ප්‍රමාණවලින් දිවයින පුරා ප්රමුඛ සුපිරි වෙළෙඳසැල් සහ අනෙකුත් වෙළෙඳසැල්වලින් මිලදී ගත හැකිය.
දේශීය ආර්ථිකයට නව ජවයක්
සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම දැනටමත් 'ස්කෑන් ජම්බෝ පීනට්' නිෂ්පාදන අංශයේ 70% ක වෙළඳපොළ ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර, දේශීය ස්නැක් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම නව නිෂ්පාදනය හඳුන්වා දුන් බව එහි අධ්යක්ෂ / සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මංගල පෙරේරා මහතා පැවසීය. "දේශීය ආර්ථිකයේ කෘෂි ආර්ථික දායකත්වය වැඩිදියුණු කිරීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා. අපගේ ගොවි ජනතාව සහ නිෂ්පාදන සැපයුම් දාමය ශක්තිමත් කිරීම අපගේ අරමුණයි," ඔහු සඳහන් කළේය.
සමාගමේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී හේමක අමරසූරිය මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්, සමාගමේ සාර්ථකත්වයට දායක වූ පාරිභෝගිකයන්ට ස්තූතිවන්ත වූ අතර, අනාගතයේදී ද උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබා දීමට බලාපොරොත්තු වන බව පැවසීය.
වසර 125ක විශිෂ්ටත්වය
වසර 125කට අධික ඉතිහාසයක් ඇති කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී, 'සන්ක්වික්', 'ස්කෑන් ජම්බෝ පීනට්', 'කොටගල කහට', 'N-Joy පොල්තෙල්' වැනි ප්රමුඛ සන්නාම රැසකට හිමිකම් කියයි. නවීන තාක්ෂණයෙන් යුත් හොරණ පිහිටි ස්නැක් නිෂ්පාදනාගාරයේදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම නව නිෂ්පාදන නිපදවනු ලබයි.
මාධ්‍ය නිවේදනය
ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය දිනූ ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සතු ජනප්‍රියතම ආහාර පාන සන්නාමය වන ස්කෑන් වෙළෙඳනාමය යටතේ නවතම “කසාවා චිප්ස්” රස රැසකින් වෙළඳපලට නිකුත්කොට තිබේ. හොට් ඇන්ඩ් ස්පයිසි, ලුණු සහිත (Salted), චීස් ඇන්ඩ් අනියන් රසයන්ගෙන් සහ අලුතෙන්ම හඳුන්වාදුන් කොච්චි රසයෙන් පිරි “ස්කෑන් කසාවා චිප්ස් (Scan Cassava Chips)” 50g ප්‍රමාණයෙන්ම සහ පාරිභෝගිකයන් අතර ජනප්‍රියතම 30g පැකැට්ටු වශයෙන් වෙළඳපලට නිකුත් කෙරේ. උසස්ම තත්ත්වයේ කසාවා චිප්ස් රසයක් සොයන පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් “ස්කෑන් කසාවා චිප්ස්” දිවයින පුරා ප්රමුඛ සුපිරි වෙළෙඳසැල් ජාලයන්ගෙන් හා ඔබට ලඟම පිහිටි වෙළෙඳසැලෙන් පහසු මිලට දැන් මිලදී ගත හැකිය.
ශ්‍රී ලාංකීය ස්නැක් වෙළෙඳපොලේ ජම්බෝ පීනට් නිෂ්පාදන අංශයේ 70% කට අධික වෙළෙඳපොළ ප්‍රතිශතයකට හිමිකම් කියන ස්කෑන් ජම්බෝ පීනට් අත්කරගෙන ඇති සාර්ථකත්වය මෙන්ම පසුගිය කාලයේ සිට දේශීය ස්නැක් නිෂ්පාදන සඳහා වර්ධනය වෙමින් පවතින ඉහළ ඉල්ලුම සලකා බලා සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් රස වර්ග 4 කින් “ස්කෑන් කසාවා චිප්ස්” වෙළඳපලට හඳුන්වා දී තිබේ.
ලොව ප්‍රකට ප්‍රමුඛතම ජාත්‍යන්තර පළතුරු යුෂ සන්නාමයක් වන “සන්කුවික්” නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව දේශීය වශයෙන් නිෂ්පාදනය කොට ශ්‍රී ලාංකීය වෙළඳපලට නිකුත්වන්නේ සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වෙතිනි. දේශීය කෘෂිකර්මාන්තය ශක්තිමත් කරමින් අප රටේ වගා කෙරෙන උසස්ම තත්ත්වයේ ජම්බෝ පීනට්, ප්‍රමාණය අනුව ඉතා සැලකිල්ලෙන් තෝරාගෙන හොරණ ප්‍රදේශයේ ස්ථාපිත කොට ඇති අති නවීන යන්ත්‍ර සූත්‍ර තාක්ෂණයෙන් යුතු ස්නැක් නිෂ්පාදනාගාරයේදී ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කෙරෙන “ස්කෑන් ජම්බෝ පීනට්” දේශීය සන්නාමය ශ්‍රී ලාංකිකයන් අතර අතිශය ජනප්‍රියතාවයක් හිමිකර ගැනීමට සමත්ව ඇත. සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සතුව ඇති ආහාර පාන නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්රයේ ඇති හසල අත්දැකීම් සමග නවතම “ස්කෑන් කසාවා චිප්ස්” රස රැස වෙළඳපලට නිකුත් කෙරේ. ස්කෑන් සන්නාමයේ නිෂ්පාදනයන්ගේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීමෙහිලා ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පළපුරුදු විශේෂඥයන්ගේ අධීක්ෂණයෙන් අති නවීන රසායනාගාර තුලදී නිරන්තරයෙන් පර්යේෂණ හා සංවර්ධන කටයුතු කරනු ලබයි.
ස්කෑන් සන්නාමයේ නිෂ්පාදන පාරිභෝගිකයන් අතර වඩාත් ජනප්‍රියවන්නේ සහ විශ්වාසය දිනා ඇත්තේද පාරිභෝගික අවශ්‍යතාවයන්ට සරිලන ආකාරයෙන් මෙන්ම උසස්ම තත්ත්වයෙන් හා සෞඛ්‍යාරක්ෂිතව නිපදවා අද්විතීය රසයක් හිමිකරදෙන නිසාවෙනි.
ස්කෑන් කසාවා චිප්ස් නවතම හඳුන්වාදීම පිළිබඳ සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී අධ්යක්ෂ / සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මංගල පෙරේරා මහතා අදහස් දක්වමින් “ස්කෑන් ජම්බෝ පීනට්ස් සහ කසාවා ස්නැක් නිෂ්පාදන පෙළ හරහා අපේ රටේ තිරසර කෘෂිකර්මාන්තය දිරිගන්වමින් දේශීය ආර්ථිකයේ කෘෂි ආර්ථික දායකත්වය වැඩිදියුණු කිරීමට හැකිවීම ගැන දේශීය සමාගමක් විදිහට අප නිහතමානීව ආඩම්බර වෙනවා. අපේ ගොවි ජනතාවත් නිෂ්පාදන සැපයුම් දාමයට සම්බන්ධ සියළුදෙනාත් ශක්තිමත් කිරීම අපගේ අරමුණයි “යනුවෙන් පැවසීය.
සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වෙනුවෙන් එහි සභාපති / ප්‍රධාන විධායක නිලධාරී හේමක අමරසූරිය මහතා අදහස් දක්වමින් “ස්කෑන් කසාවා චිප්ස් දක්වා අපගේ නිෂ්පාදන පෙළ රැගෙන එන්නට අප දිරිගැන්වූ සුවහසක් පාරිභෝගික ජනතාවට මා හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සාර්ථකත්වයට ඔසවා තැබූ පාරිභෝගික ජනතාවට ඉදිරියේදීත් උසස්ම තත්ත්වයේ නිෂ්පාදන හඳුන්වාදෙන්නට අප බලාපොරොත්තු වෙනවා,” යැයි පැවසීය.
“ස්කෑන් කසාවා චිප්ස්” අනගි නිෂ්පාදනයේ හිමිකාරීත්වය දරණ සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වසර 125 කට අධික කීර්තිමත් ඉතිහාසයක් සහිත කොළඹ කොටස් වෙළඳපොළෙහි (CSE) ලැයිස්තුගත සමාගමකි. තම සමාගම හා සබැඳුනු සියළු පාර්ශ්වකරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කරගත් උසස් තත්ත්වයේ නිෂ්පාදන සිදුකිරීම, ඒවා අපනයනය කරමින් මෙරටට විදේශ විනිමය රැගෙන ඒම සහ ලොව හොඳම නිපැයුම් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත හඳුන්වාදීමෙහිලා ආනයනය කිරීම සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සිදුකරනු ලබයි.
විවිධාංගීකරණය වූ සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහයේ FMCG අංශය ලෙස ක්‍රියාත්මක Scan Products Division විසින් සාම්ප්‍රදායික හා නවීන කර්මාන්ත, ආගන්තුක සත්කාරක සේවා හෙවත් HORECA (Hotel, Restaurant, and Catering) ක්ෂේත්රය සහ ආයතනික බෙදාහැරීම් කටයුතු සිදුකරනු ලබයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයන් ලෙස ඒ ඒ නිෂ්පාදන සඳහා වන වෙළඳපල ප්රමුඛත්වයට පත්ව සිටින සන්ක්වික්, ස්කෑන් ජම්බෝ පීනට්, Scan Snacks, කොටගල කහට, Delish Jelly, ස්කෑන් බෝතල් කළ පානීය ජලය, KVC සැකසූ එළවළු හා පළතුරු ආශ්රිත නිෂ්පාදන, N-Joy පොල්තෙල්, Star Brand එසන්ස් සහ කලරින් නිෂ්පාදන පෙළ යන විශිෂ්ඨ සන්නාම හිමිකාරීත්වය සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගමේ කීර්තිය ඔප්නැංවීමට සමත්ව තිබේ._