පසුගිය සතියට සාපේක්ෂව මෙරට රත්තරන් මිල රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත මගින් තහවුරු වී තිබෙනවා.
ඒ අනුව, අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් 310,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී එම මිල වාර්තා වූයේ රුපියල් 305,300ක් ලෙසින්.
එමෙන්ම, ඊයේ දිනයේදී රුපියල් 330,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රුපියල් 335,000 දක්වා ඉහළ ගොස් ඇති බව තවදුරටත් සඳහන් වනවා.