
එංගලන්තයට එරෙහි විස්සයි විස්ස තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා චරිත් අසලංක පත් කර තිබෙනවා.
එංගලන්ත සංචාරයේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්රනාන්දු සහභාගී නොවන බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කළේ.
ලංකා ප්රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය අතරතුර සිදු වූ ආබාධ හේතුවෙන් මෙම ක්රීඩකයින් දෙදෙනා තවදුරටත් ප්රතිකාර ලබමින් සිටින අතර, ඒ හේතුවෙන් ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විසින් විස්සයි20 සංචිතයේ වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.
ඒ අනුව, කුසල් මෙන්ඩිස් වෙනුවට පවන් රත්නායක සංචිතයට කැඳවා ඇති අතර, බිනුර ප්රනාන්දු වෙනුවට දිල්ෂාන් මධුශංක සංචිතයට එක් කර තිබෙනවා.