
දූෂණ චෝදනා ත්රිත්වයක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින
ශ්රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ඇන්තනි නිශාන්ත
වික්රමසිංහගේ සිද්ධියට අදාලව විමර්ශන අවසන් කර අධිකරණයට
වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග
එස්. බෝදරගම අද ( 28) අල්ලස් කොමිසට නියෝග කළා.
සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් 8 වන දින නැවත කැඳවීමට එහීදි
නියෝග කළා.
2025 ජුනි මස 27 වන දින නාවල ප්රදේශයේ දී අල්ලස් හෝ දුෂණ
චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් සිද්ධියට
අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබෙනවා.
2014 ජනවාරි 22 වන දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක
දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරන ගුවන් යානයේ
ගමනාන්තය වෙනස් කිරීම මඟින් රජයට ඇමරිකානු ඩොල්රර් 4512 ක්
පාඩු කිරීම පළමුවන චෝදනාව වනවන අතර 2014 ජනවාරි 26 වන දින
මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්රංශය බලා පිටව යාමට සිටි මගින්
75 දෙනෙකු අංක UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මඟින්
ඇමරිකානු ඩොල්රර් 19,160 ක් රජයට පාඩු කිරීම දෙවන චෝදනාව වේ.
2014 දෙසැම්බර් 19 වන දින කටුනායක 18 කණුව ක්රීඩාංගණයේ පැවති
හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් රජයේ
මුදල් 1,250,000/- වියදම් කිරීම යන චෝදනා තුන යටතේ විමර්ශන
සිදු කරනු ලබනවා.