
මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් 32 දෙදෙනකු ඝාතනය වීම සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට අධිකරණය හමුවේ ප්‍රකාශයක් කිරීමට අවසර ඇති බව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය දැණුම් දුන්නා. අධිකරණ කටයුතු ආරම්භ කර බන්ධනාගාරගත රැඳවියන් නඩු සඳහා ඉදිරිපත් කිරීමට ගත් අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට කැමති රැඳවියන්ට ඊට අවසර හිමි වන බවයි. ඒ අනුව යම්කිසි රැඳවියකු ඒ සඳහා ඉදිරිපත් වීමට කැමැත්තක් දක්වන්නේ නම් අත උස්සා ඒ සඳහා ඉදිරිපත් වන ලෙස නියෝග කළා. නමුත් ඒ සඳහා කිසිඳු රැඳවියකු ඉදිරිපත්වි නොමැත. මේ අතර මහාධිකරණය මගින් ඇප ලබා ගෙන බන්ධනාගාරයෙන් පිටව යන රැඳවියන් බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ සාක්ෂි කැඳවනු ලැබුවා. මේ වන විට රැඳවියන් 28ක් සාක්ෂි ලබා දී තිබෙනවා. ඉකුත් මැයි 02 වැනිදා තායිලන්තයේ සිට ගුවන මගින මෙරටට කුෂ් මත්ද්‍රව්‍ය රැගෙන එමෙදි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කල භික්ෂුන් වහන්සේලා සිව්දෙනෙකුට මීගමුව මහාධිකරණය ඇප නියම කල අතර ඇප ලබා පිටව යාමට මත්තෙන් නිකපොත සුමන රක්ඛිත හිමි බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන්නා. නිකපොත සුමනරක්ඛිත හිමි ගේ සාක්ෂිය... "මාව රදවලා හිටියේ සෙල් වාට්ටුවේ... 5 වැනිදා කෑම දෙන වෙලේ එලියෙන් ලොකු සද්දයක් ඇහුණා.. කෑම දෙද්දි අපේ වාට්ටුව අරින්නේ නැහැ .... ඒ වෙලාවේ එලියේ දොර කඩාගෙන 15 ක් විතර ලේන්සුවෙන් මූණ බැදන් ආවා.. ඒ අයගේ අතේ පොලු තිබ්බා.... අපිට ඇතුලේ ඉන්න එපා කියලා පන්සලට යන්න කිව්වා.... පන්සල වහල නිසා පන්සල් වාට්ටුවෙ ඉදලා ආයි අපේ වාට්ටුවට ගියා.... එතකොට අපේ වාට්ටුවේ දොරවල්වල ලොක් ඔක්කොම කඩලා... බඩු ඇදලා තිබුණේ.... වාට්ටුවේ හැමතැනම වගේ බෙහෙත් තැන් තැන්වල වැටිලා තිබුණා.... පහුවදා උදේ කෝලහාලයක් තිබුනේ නැහැ... හැබැයි අනිත් වාට්ටුවල අය අපේ වාට්ටුවලට ඇවිල්ලා හිටියා... වෙනදට අපිට කෑම ඇතුලට ගෙනත් දෙනවා... එදා එලියෙන් ගන්න කිව්වා.. කෑම බෙදුවේ රැදවියොමයි.... නිලධාරින් හිටියේ නැහැ..... ඊටපස්සේ පැය එකහමාරකින් වගේ වෙඩි හඩක් ඇහුණා... කලින් දවසේ වගේ කෝලහාල සද්ද ඇහුණා.... ඒ එක්කම වගේ එලියේ ගේට්ටුව කඩාගෙන කට්ටියක් ආවා ඒ ගේට්ටුවට මාංචු දාලා තිබ්බේ ඉබ්බා කඩලා නිසා වෙන්නැති... ඇවිත් කිව්වා එලියේ අපේ එවුනට ගහනවා කවුරුත් ඇතුලේ ඉන්නෙපා එලියට බැහැපන් කියලා අපි ගේට්ටුව ගාව හිටියා එතනට ඔක්කොම පේනවා... විනාඩි 10 15ක් යද්දි ආයි වෙඩි හඩ ඇහුණා.... ඒත් එක්කම විශාල පිරිසක් දුවගෙන එනවා දැක්කා ආයි අපි වාට්ටුවට ආවා... ඒත් එක්කම stf නිලධාරීන් ඇවිත් එලියට බහින්න එපා ආවොත් වෙඩි තියනවා කිව්වා... ඒත් එක්කම කකුලට වෙඩි වැදිච්ච දෙන්නෙක් අපේ වාට්ටුවට ගෙනත් දැම්මා... පැයකට විතර පස්සේ එයාලව අරන් ගියා දවල් අපිව පෝලිම් ගහලා රොකී කියන්නේ කවුද අහලා අපේ වාට්ටුවේ හිටපු රොකීව එලියට ගත්තා... ඊටපස්සේ නැවත ගේට්ටුව ඇරියේ නැහැ... එපමණයි ස්වාමීණි. ඉන් අනතුරුව මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ බන්ධනාගාරගතව සිටි රැදවියකු වන නුවන් චතුරංග සාක්ෂි ලබා දුන්නා. "ජුලි 05 වැනිදා අපි හිටියේ දෙකේ වාට්ටුවේ.... දවල් ආහාර ගනිමින් හිටියේ එතකොට පුද්ගලයන් 20 ක් 30 ක් වගේ දොරට ගහල දොර කඩන් ඇතුලට ආවා එතන ඇතුලේ හිටපු මිහිදු කියලා කෙනෙක්ට පහර දුන්නා.... එයා එතනින් දිව්වා ඊට විනාඩි 15 කට විතර පස්සේ ආයි පිරිසක් ඇවිල්ලා කූරා කියලා තව කෙනෙක්ට ගැහුවා ....අපේ ආරක්ෂාවට අපි එලියට දිව්වා.... එතන පිටිපස්සේ ඉදලා එක එක්කෙනාට ගහගෙන එනවා දැක්කා..... කවුද දැක්කේ නැහැ..... හවස ආපහු වාට්ටුවට යන්න කිව්වා .... එතකොට රෑ වෙලා තිබුණේ... ඒ වෙද්දි රෝහල කඩලා කට්ටිය පෙති අරගෙන විසික් කර කර ගියා.... ඉල්ලන අයට දුන්නා... කට්ටිය කියන්නේ රැදවියන්ම තමයි... පෙති බීලා කට්ටිය එක එක විදියට හිටියේ... ඇස් ඇද වෙලා... දිවවල් එලියට ඇවිල්ලා... මං නිදාගත්තේ පන්සලේ... උදේ ආයි 2 වාට්ටුවට ආවා 9 ට වගේ පහලින් ඝෝෂාවක් ආවා කට්ටියක් උඩට දුවගෙන එන... එයාලා වාට්ටුවට ඇවිල්ලා එලියට බහින්න කිව්වා... සමහරු බැස්සා සමහරු හිටියා... ආයි ටික වෙලාවකින් උඩ ඉදන් කට්ටියක් පහලට දුවගෙන ආවා... ඒ අතරතුර කට්ටිය කිව්වා වෙඩි තියනවා වෙඩි හඩවල් තමයි ඇහෙන්නේ කියලා.... ඊට පස්සේ කට්ටියට ඔලුවට අත තියන් බිත්තිය පැත්තට ඇල වෙලා ඉන්න කිව්වා... හවස 3.30 විතර බන්ධනාගාර මහත්තුරු ඇවිත් කිව්වා අපි එලියට ගෙනියනවා කියලා.... ඊට පස්සේ බස් එකට නැගලා අපිව එක්කන් ගියා අනුරාධපුර බන්ධනාගාරෙට... මීගමුව බන්ධනාගාරය සම්පූර්ණම විනාශ වෙලා තිබ්බේ.... ගොඩක් තැන්වල ලේ පැල්ලම් තිබ්බා... මල් පෝච්චි වැටවල් කැඩිලා තිබ්බේ.. කාමරවල වීදුරු බිදලා තිබ්බේ ..... ප්‍රධාන දොරයි ලී දොරයි අතර කාමරවල වීදුරු බිදලා තිබ්බේ.... එපමණයි ස්වාමීණි.
ඉන් අනතුරුව තවත් සාක්ෂිකරුවන් සිව්දෙනෙකු සාක්ෂි ලබා දුන්නා.