
මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්රමික බලකායේ (බන්ධ පොලිස් ) නිලධාරීන් 10ක් සහ රැඳවියන් 21 ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාශ්චාත් මරණ පරික්ෂණ වාර්තා සහ සාක්ෂි විභාගය සිදු කිරිමෙන් අනතුරුව එහි නියෝගය අද දින මීගමුව මහෙස්ත්රාත් ශිලනි පෙරේරා මහත්මිය ප්රකාශයට පත් කළා.
ඒ අනුව මහෙස්ත්රාත්වරිය සඳහන් කලේ අපරාධයක් සිදුව ඇති බව තම අධිකරණය
නිරික්ෂණය කර ඇති බැවින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර සැකකරුවන්
අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට නියෝග
කරනු ලැබුවා.
එහිදී මහෙස්ත්රාත්වරිය වැඩිදුරටත් සඳහන් කලේ මෙම සියලුම මරණ ගිනි අවි සහ රයිෆල් වර්ගයේ ගිනි අවි වලින් හා මොට ආයුධ වලින් සිදු කළ පහර දිම් වලින් සිදු වූ ඒවා බවයි.
" මෙම මරණ වලට හේතුව ලෙස අධිකරණ නිරික්ෂණය කර ඇත්තේ හිසට ,පපුවට කල වෙඩි තැබීම් සහ උදරයට උකුල ප්රදේශයේයට කල පහර දිම් වලින් සිදුව ඇති බවයි. තවද ඉන්ද්රියයන් වලට ලේ බැසීම නිසාද මරන සිදු වී තිබේනවා. මේ සම්බන්ධයෙන් විමර්ශනය කර ඔක්තෝබර් 29 වැනිදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කරනවා" යැයිද මහෙස්ත්රාත්වරිය ප්රකාශ කළා.