
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්රකාශයක් සිදු කළේ යැයි කියන සිද්ධියට අදාලව බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන 29 වැනිදා යළි කැඳවිමට අද (23) කොළඹ මහාධිකරණය නියෝග කළා.
මෙම නඩුකරය අද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදි මෙලෙස නියෝග කරනු ලැබුවා.
අද නඩුව අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කළේ නැහෑ.
ඉස්ලාම් ආගමිකයින්ගේ ශුද්ධ වූ කුරාණය සම්බන්ධයෙන් පළ කරන ලද අදහස් වලින් එම දහමට අපහාසයක් සිදු වී ඇති බව සඳහන් කරමින් දණ්ඩ නීති සංග්රහයේ ප්රතිපාදන යටතේ නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
මෙම සිද්ධියට අදාලව පෙර නඩු දිනයේ දී ඥානසාර හිමියන්හට කොළඹ මහාධිකරණය මගින් වරෙන්තුවක් ද නිකුත් කර තිබු අතර ඉකුත් නඩු දිනයේදී ඥානසාර හිමියන් සිරකරුවන් ඇදුණු ලබන සුදු පැහැති ඇදුමින් යුතුව විවෘත අධිකරණයේ පෙනී සිටියා.